දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාව රන් පදක්කම් බලාපොරොත්තු තබා සිටින විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම හෙට (02) බංග්ලාදේශයට එරෙහිව අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වෙයි.
මෙම ක‍්‍රීඩා උළෙලට මෂ්රාෆි මොර්ටාෂාගේ නායකත්වයෙන් බංග්ලාදේශ ජාතික කණ්ඩායම සහභාගි වී සිටින අතර බංග්ලාදේශ පිල (224/9) අද (01) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී 203 කින් කුවේට් පිල (21) පරාජය කළේය.
ශ‍්‍රී ලංකා පිලට ටෙස්ට් ක‍්‍රීඩකයන් පහක් ඇතුඵ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක‍්‍රීඩකයන් 10 ක් ඇතුළත්ව සිටිති. දකුණු කොරියාවට එරෙහිව ශ‍්‍රී ලංකාව සහභාගි වූ අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා පිල සාර්ථක වීම අද තරගය පිළිබදව බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයකි.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඊයේ පස්වරුවේ ඉංචියොන් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසියට සහභාගි වූහ.
කාලිංග කුමාර, අංජන මධුෂාන්, කසුන් කල්හාර සහ නලීන් කරුණාරත්න සහභාගි වන මීටර 400X4 සහය දිවීමේ පිරිමි ඉසව්වේ අවසන් තරගය හෙට (2 වැනිදා) රාත‍්‍රී 8.25 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.05 ට පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.