Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශෙනුක, ශා.ජෝසප් අර්ධ අවසන් පූර්ව වටයට ගෙනයයි

ශෙනුක, ශා.ජෝසප් අර්ධ අවසන් පූර්ව වටයට ගෙනයයි

Nisanka Sandeepani - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී මාතර ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 114 ක ජයක් හිමිකරගත් කොළඹ ශාන්ත ජෝසප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5 වැනිදා) සමත්විය. 

මෙම තරගය කොළඹ ශාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

ශාන්ත ජෝසප් විදුහලේ යසිත් රූපසිංහ (77) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ශෙනුක ද සිල්වා විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 06 කට කඩුලු 7 ක් දවාගැනීමට සමත් විය.

ශා. ජෝසප් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 210
(යසිත් රූපසිංහ 77, සදීෂ් ජයවර්ධන 32, යනික් මුලර් නොදැවී 25, සිනෙත් සිතාර 25/3)

ශා. තෝමස් විදුහල - ඕවර 34 කදී සියලුදෙනා දැවී 96
(හිරන්ත ලක්ෂාන් 41, වෝෂිත අපසර 24, ශෙනුක ද සිල්වා 06/7)


අදහස් (0)

ශෙනුක, ශා.ජෝසප් අර්ධ අවසන් පූර්ව වටයට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.