Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර සුමංගල - මොරටු ‘රන් සටන’ 20, 21 දෙදින

ශී‍්‍ර සුමංගල - මොරටු ‘රන් සටන’ 20, 21 දෙදින

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර 63 වැනි ‘රන් හටන’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය මේ මස 20 සහ 21 දෙදින මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති තරග 62 දී ශ්‍රී සුමංගල විදුහල තරග 9 ක් ද, මොරටු මහ විදුහල තරග 7 ක් ද ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිලේ නායකයා ලෙස ළහිරු විමුක්ති ද, මොරටු මහ විදුහල් පිලේ නායකයා ලෙස තිලාන් කවිෂ්ක ද, කටයුතු කරති.

සිංගර් කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක‍්‍රීඩා කරන ශ්‍රී සුමංගල විදුහල මෙම තරගවාරයේ තරග 16 කදී කරන්දෙණිය මැදි මහ විදුහල, දෙහිවල එස්. ද එස්. ජයසිංහ, ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කළුතර මහ විදුහල යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීය. පානදුර ශාන්ත ජෝන් විදුහල හමුවේ පරාජයට පත්විය.

මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිලේ ප‍්‍රබලතම පිතිකරු වන හරිත් ලක්‍ෂාන් ශතකයක් සහ අර්ධ ශතක 9 ක් සමගින් ලකුණු 1016 ක් රැස්කිරීමට සමත්ව සිටියි.

ළහිරු විමුක්ති (801), කුෂාන් අකලංක (716), නිපුන දේශාන් (508) සහ හේෂාන් ධනුෂ්ක (545) ප‍්‍රබල පිතිකරු ලැයිස්තුව නියෝජනය කරති. ළහිරු විමුක්ති කඩුලූ 65 ක් දවා ගනිමින් මෙවර ශ්‍රී සුමංගල විදුහල් පිලේ දක්‍ෂතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. සෙවින්ද තුලක්‍ෂණ (61), නිපුන දේෂාන් (40) සහ හේෂාන් ධනුෂ්ක (32) ශ්‍රී සුමංගල විදුහල් පන්දු යැවීමේ බලැනියේ සෙසු ප‍්‍රබලයෝ වෙති.

මොරටු මහ විදුහල මෙම තරග වාරයේ තරග 16 කට ක‍්‍රීඩා කරමින් මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව පූර්ණ ජය ලැබූ අතර තරග හතරක් පරාජය විය.

මෙවර මොරටු මහ විදුහලේ ප‍්‍රබලතම පිතිකරු වන නිෂාන් මධුසංඛ තරග 15 කදී ලකුණු 552 ක් රැස්කර තිබේ. රසිදු කල්පන (532), තිලාන් කවිෂ්ක (498) සහ ශානුක මධුෂාන් (492) සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති. ශාන්ත රොෂාන් මෙම තරගයේ වාරයේ කඩුලූ 54 ක් දවා ගනිමින් මොරටු මහ විදුහලේ දක්‍ෂතම පන්දු යවන්නා බවට පත්ව සිටියි. හර්ෂ දේවින්ද (49) සහ නිපුන රන්දික (27) මොරටු මහ විදුහල් පිලේ සෙසු දක්‍ෂ පන්දු යවන්නෝ වෙති.  

දෙවිදුහල් අතර වාර්ෂික සීමිත ක‍්‍රිකට් තරගය මේ මස 22 වැනිදා මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී සුමංගල විදුහල් කණ්ඩායම:
ළහිරු විමුක්ති (නායක), සුදේෂ් සදමාල් (උප නායක), හරිත් ලක්‍ෂාන්, විශ්ව යසස්, නදිරු රුක්‍ෂාන්, සේවින්ද තුලක්‍ෂණ, හේෂාන් ධනුෂ්ක, කුෂාන් අකලංක, සමිත් යසන්ත, නිපුන දේශාන්, නදුන් අභිෂේක්, පසිදු ශානදිත්, පුලිත සරත්චන්ද්‍ර, සජින් ඩිල්ෂාන්, පසිදු නිමේෂ, ඉසුරු මලින්ත, ඔෂද ගිහාන්ත සහ කෞමාල් නානායක්කාර

 

 

 

 

 

 

 

 

 

 

 

 

මොරටු මහ විදුහල් කණ්ඩායම:
තිලාන් කවිෂ්ක (නායක), දුෂාන් සුලක්‍ෂණ (උප නායක) නිෂාන් මධුසංඛ, හර්ෂ දේවින්ද, ශානක රොෂාන්, සිනෙත් ඉසුරු, ළහිරු චාමර, නිපුන රන්දික, දේශාන් දිනුරංග, ෂෙහන්ද සොයිසා, දිනුක නිමන්ත, උදිත හර්ෂණ, දුලක්‍ෂණ ප‍්‍රනාන්දු, හංසක ප‍්‍රනාන්දු, තරිඳු ඩිල්ෂාන් සහ සසිදු ප‍්‍රනාන්දු

 


අදහස් (0)

ශී‍්‍ර සුමංගල - මොරටු ‘රන් සටන’ 20, 21 දෙදින

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.