Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මේ මාසය අගදී ශී‍්‍ර ලංකාවට පැමිණෙන පාකිස්තානු ‘ඒ’ කණ්ඩායමට එරෙහි නිල නොවන ටෙස්ට් සහ එක්දින තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් 22 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ. දේශීය පළමු පෙළ තරගාවලිය නොමැති වීමත්, ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායම මාස 5 කට වැඩි කාලයක් පුරා තරග වලට සහභාගි නොවීමත් හේතුවෙන් ටෙස්ට් සංචිතයේ කී‍්‍රඩකයන් කිහිප දෙනකු ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයට ඇතුළත් කර තිබේ.
මෙම සංචිතයේ සිටින ඇතැම් කී‍්‍රඩකයන් රතු පන්දුවෙන් කී‍්‍රඩා කරන්නේ වසර එක හමාරකට පමණ පසුවය. කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් දේශීය පළමු පෙළ තරගාවලිය පැවැත්වීමට නොහැකි වීම ඊට හේතුවයි.
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා වශයෙන් සධීර සමරවික‍්‍රම නම්කර ඇත.
ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් වරට ටෙස්ට් තරගාවලියකට සහභාගි වූයේ පසුගිය අපේ‍්‍රල් මාසයේදී බංග්ලාදේශ පිලට එරෙහිව පල්ලෙකැළේදීය. කොරෝනා වයිරසයේ තුන්වැනි රැුල්ලට ශී‍්‍ර ලංකාව ගොදුරු වීම හේතුවෙන් එතැන් සිටම පළමු පෙළ කී‍්‍රඩකයන්ට තරග අහිමිව ගියේය.
සධීර සමරවික‍්‍රම, ඕෂධ ප‍්‍රනාන්දු වැනි ටෙස්ට් පිතිකරුවන්ද, අසිත ප‍්‍රනාන්දු, විශ්ව ප‍්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙණිය වැනි ටෙස්ට් පන්දු යවන්නන්ද ශී‍්‍ර ලංකා ‘ඒ‘ සංචිතයට ඇතුළත් කර සිටිති. කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, නුවනිඳු ප‍්‍රනාන්දු සහ නිපුන් ධනංජය වැනි තරුණ කී‍්‍රඩකයෝද ශී‍්‍ර ලංකා ‘ඒ’ සංචිතයට ඇතුළත්ව සිටිති.
මෙම සංචිතයට ඇතුළත් කිරීමට නියමිතව සිටි ධනංජය ලක්ෂාන්ගේ දණහිසේ ආබාධයක් හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි වූ අතර ‘ඒ’ සංචිතයට ඇතුළත් කර සිටි ෂිරාන් ප‍්‍රනාන්දු අතිරේක කී‍්‍රඩකයකු ලෙසින් ලෝක කුසලාන කණ්ඩායමට එක්ව සිටී. ෂිරාන්ගේ ස්ථානය චාමික ගුණසේකරටත්, ධනංජය ලක්ෂාන්ගේ ස්ථානය ළහිරු සමරකෝන්ටත් හිමිවී තිබේ.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සහ පාකිස්තානු ‘ඒ’ පිල අතර නිල නොවන ටෙස්ට් තරග 2 ක් සහ නිල නොවන එක්දින තරග 3 ක් පැවැත්වේ. පළමු නිල නොවන ටෙස්ට් තරගය මේ මාසයේ 28 වැනිදා පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.