Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
දුර්වල පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (5 වැනිදා) අයහපත් ආලෝක තත්වය නිසා තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට කඩුලූ 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 64 ක් පමණී.
සුමින්ද ලක්ෂාන් ලකුණු 29 ක් සහ නිපුන් ධනංජය ලකුණු 17 ක් ලබාගත් නමුත් සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට පාකිස්තාන ‘ඒ’ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණ. අවසන් කඩුල්ල සඳහා දුවිඳු තිලකරත්න සහ චාමික ගුණසේකර පන්දුවට පහරදෙමින් සිටින නමුත් ඔවුන් තවමත් ලකුණු රැුස්කිරීම ආරම්භ කර නොමැත.
ලකුණු 35 ක් තුල කඩුලූ 7 ක් බිඳවැටුණු අතර 8 වැනි කඩුල්ල සඳහා සුමින්ද ලක්ෂාන් සහ මොහොමඩ් ශිරාස් ලකුණු 25 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ.
වේගපන්දු යවන්නන් වන නසීම් ෂා ලකුණු 25 කට කඩුලූ 4 ක් ද, කුරාම් ශාසාඩ් ලකුණු 10 කට කඩුලූ 3 ක් ද අර්ෂඞ් ඉක්බාල් ලකුණු 14 කට කඩුල්ලක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර වමතින් දඟපන්දු යවන සාෆී අබ්දුල්ලා ලකුණු 11 කට කඩුල්ලක් දවාගත්තේය.
පළමු දිනය වූ ඊයේ (4 වැනිදා) තරගය අවසන් කරන විට කඩුලූ 4 කට ලකුණු 180 ක් රැුස්කරගෙන සිටි පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම අද දිනයේදී සියලූදෙනා දැවී ලකුණු 394 ක් රැස්කිරීමට සමත්විය. ඊයේ තරගය අවසන් කරන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි අබ්දුල්ලා ශාෆික් සහ ආඝා සල්මාන් ශතක රැස්කරමින් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ.
පන්දු 208 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි අබ්දුල්ලා ශාෆික් හයේ පහරක් සහ හතරේ පහර 18 ක් සමගින් ලකුණු 117 ක් රැුස්කළ අතර ආඝා සල්මාන් පන්දු 172 ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් හතරේ පහර 13 ක් සමගින් ලකුණු 103 ක් ලබාගැනීමට සමත්විය. ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 98 ක සම්බන්ධතාවයක්ද ගොඩනැංවුහ.
ලකුණු 83 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට චාමික ගුණසේකර සමත්වූ අතර හිමේෂ් රාමනායක, මොහොමඞ් ශිරාස් සහ සුමින්ද ලක්ෂාන් කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.
හෙට (6 වැනිදා) තරගයේ තෙවැනි දිනයයි.
පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිම - සියලූදෙනා දැවී 394
(අබ්දුල්ලා ශාෆික් 117, කම්රන් ගුලාම් 45, ආඝා සල්මාන් 103, කුරාම් ශාසාඞ් 20, නසීම් ෂා 31, චාමික ගුණසේකර 83/6, හිමේෂ් රාමනායක 56/1, මොහොමඞ් ශිරාස් 64/1, සුමින්ද ලක්ෂාන් 95/1)
ශ‍්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 64
(නිපුන් ධනංජය 17, සුමින්ද ලක්ෂාන් 29, නසීම් ෂා 25/4, කුරාම් ශාසාඞ් 10/3, අර්ෂඞ් ඉක්බාල් 14/1, සාෆී අබ්දුල්ලා 11/1)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.