Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන් අසීරු ගමනක

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන් අසීරු ගමනක

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි සිවුදින තරගයේදී ජයග‍්‍රහණය සොයා ලකුණු 479 ක අසීරු ගමනක යෙදෙමින් සිටින ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම තරගයේ තුන්වැනි දිනය වූ අද (14 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක්දැවී ලකුණු 164 ක් ලබා සිටියේය.

තුන්වැනි දිනයටත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පීඩනයට ලක්කළ කි‍්‍රස් වෝක්ස් (නොදැවී 92) සහ ස්කොට් බෝර්ත්වික් (64) දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 155 ක සම්බන්ධතාව නිසා සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 8 කට ලකුණු 319 ක් ලබාගැනීමට එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල සමත් විය. අනතුරුව සිය ශතකය කරා යාමේ අදහස අතහැර දැමූ එංගලන්ත ‘ඒ’ නායකයා, මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 159 ක වාසියත් උපයෝගී කරගනිමින් තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 479 ක දැවැන්ත ඉලක්කයක් ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමට බාර කළේය.

අද පස්වරුවේ තරගය නතර කරන විටත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ කඩුලූ 5  ක් බිඳවැටී තිබුණු අතර අපේක්‍ෂිත ඉලක්කය ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලෙන් ලකුණු 315 ක් ඈතින් පිහිටා තිබිණ.

ශී‍්‍ර ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම ආරම්භ කළ සැණෙකින්,  ඕවර දෙකක් තුළදී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට ග‍්‍රැහැම් ඔනියන්ස් සහ කි‍්‍රස් වෝක්ස් දෙදෙනා පියවර ගත්තේ තරගය කල් වේලා ඇතිවම අවසන් කරනු අටියෙනි.

මුළු ලකුණු සංඛ්‍යාව 55 ක් වෙද්දී සිවුවැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ මාධව වර්ණපුර සහ චතුරංග ද සිල්වා ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ බලාපොරොත්තු ඉහළ නැංවූහ. පළමු ඉනිමේදීත් සිය අර්ධ ශතකය පෙනි පෙනී මුයීන් අලිට ගොදුරු වූ චතුරංග ද සිල්වා අදත් ලකුණු 43 කට දැවී ගියේ මුයීන් අලීගේ පන්දුවකිනි.  

අද පෙරවරුවේදී තරගය ආරම්භ වීමෙන් පසුව  ඕවර 10 ක් තුළදී ලයන්ස් පිලේ කඩුලූ 3 ක් ඇද වැටුණු අතර ධම්මික ප‍්‍රසාද් ඒවායින් දෙකකටම හිමිකම් කීවේය. දිනටයේ පළමු  ඕවරයේදී මොයීන් අලී  දවාගත් ධම්මික ප‍්‍රසාද් විසින් තවත්  ඕවර 3 කට පසුව ජොනී බෙයාර්ස්ටෝ දවාගන්නා ලදි.

මුරකරු පිතිකරු ලියාම් ප්ලන්කට්ද ලකුණු 29 කට දැවී ගිය නමුත් ලයන්ස් පිතිකරුවෝ වඩාත් සුභවාදී ආකාරයෙන් පිතිහරඹයේ නිරත වූහ. පෙරවරුවේදී තරගය පැවැති හෝරා දෙකකදී ලකුණු 127 ක් රැස්කළ ලයන්ස් කී‍්‍රඩකයෝ විනාඩියකට ලකුණු 1 කට වඩා රැුස්කිරීමේ ප‍්‍රවණතාවක් පෙන්වූහ.

වේගයෙන් ලකුණු ලබාගැනීමෙන් ඔවුන්ගේ අපේක්‍ෂාව වූයේ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම දවාගැනීම සඳහා කාලය වැඩියෙන් ඉතිරිකරගැනීමයි.
කෙසේ වෙතත් එංගලන්ත ‘ඒ’ පිල ඉනිම නිමා කරන විට ශී‍්‍ර ලංකා ‘එ් කණ්ඩායම දවාගැනීම සඳහා පැය අටහමාරකට වැඩි කාලයක් එංගලන්ත ‘ඒ’ පිලට ඉතිරිව තිබිණ.

හෙට තරගයේ අවසන් දිනයයි.

ලකුණු පුවරුව

එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) - පළමු ඉනිම 330
(වරූන් චොප්රා 58, ජේම්ස් ටේලර් 70, මොයීන් අලි 62, ධම්මික ප‍්‍රසාද් 68/4, චතුරංග ද සිල්වා 44/2, තරිඳු කෞෂාල් 95/3)

ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම
උදාර ජයසුන්දර - ඇ.ප්ලන්කට් ප.වෝක්ස්    0
උපුල් තරංග - ඇ.ටේලර් ප.මුයීන් අලි    30
භානුක රාජපක්‍ෂ - ඇ. රොබ්සන් ප.වෝක්ස්    0
මාධව වර්ණපුර - ඇ.චොප්රා ප.වෝක්ස්    3
නිරෝෂන් දික්වැල්ල - ක.මු.කළා ප.ඔනියන්ස්    9
රොෂේන් සිල්වා - ඇ.බෙයාර්ස්ටෝ ප.ප්ලන්කට්    9
චතුරංග ද සිල්වා - ඇ.චොප්රා ප.මුයින් අලි    47
ඉෂාන් ජයරත්න - ඇ.බෙයාර්ස්ටෝ ප.වෝක්ස්    0
ධම්මික ප‍්‍රසාද් - දුවද්දී දැවී ගියා     50
තරිඳු කෞෂාල් - දුවද්දී දැවී ගියා    6
විශ්ව ප‍්‍රනාන්දු - නොදැවී     4
අතිරේක    13
එකතුව  ඕවර 48  කදී සියලූ දෙනා දැවී     171

කඩුලූ වැටීම:
1-00(උදාර), 2-00(භානුක), 3-12(මාධව), 4-39(දික්වැල්ල), 5-51(රොෂේන්), 6-55(තරංග), 7-61(ඉෂාන්), 8-125(චතුරංග), 9-143(කෞෂාල්), 10-171(ප‍්‍රසාද්)

පන්දු යැවීම:
කි‍්‍රස් වෝක්ස් : 12-3-45-4, ග‍්‍රැහැම් ඔනියන්ස් : 9-0-27-1, ටයිමල් මිල්ස් : 10-0-42-0, ලයාම් ප්ලන්කට් : 8-0-31-1, මුයීන් අලි : 9-4-16-2

එංගලන්ත ‘ඒ’ -දෙවැනි ඉනිම
ඇලෙක්ස් ලීස් - ක.මු.කළා ප.චතුරංග    33
සෑම් රොබ්සන් - ක.මු.කළා ප.චතුරංග    15
වරූන් චොප්රා - ක.මු.කළා ප.කෞෂාල්    24
ජේම්ස් ටේලර් - ඇ.රාජපක්‍ෂ ප.චතුරංග    15
ලියාම් ප්ලන්කට් - ක.මු.කළා ප.කෞෂාල්    29
මුයීන් අලී - ඇ.දික්වැල්ල ප.ප‍්‍රසාද්     12
ජොනී බෙයාර්ස්ටෝ -ඇ.දික්වැල්ල ප.ප‍්‍රසාද්    19
කි‍්‍රස් වෝක්ස් - නොදැවී     92
ස්කොට් බෝර්ත්වික් - ස්ට.දික්වැල්ල ප.කෞෂාල්    64
අතිරේක    16
එකතුව  ඕවර 77.4 කදී කඩුලූ 8 ක් දැවී     319

කඩුලූ වැටීම:
1-40(රොබ්සන්), 2-57(ලීස්), 3-85(ටේලර්), 4-87(චොප්රා), 5-105(අලි), 6-138(බෙයාර්ස්ටෝ), 7-164(ප්ලන්කට්), 8-319(බෝර්ත්වික්)

පන්දු යැවීම:
ධම්මික ප‍්‍රසාද් : 11-1-51-2, විශ්ව ප‍්‍රනාන්දු : 10-1-46-0, ඉෂාන් ජයරත්න : 7-0-33-0, චතුරංග ද සිල්වා : 23-3-64-3, තරිඳු කෞෂාල් : 23.4-3-98-3, භානුක රාජපක්‍ෂ : 1-0-01-0, උදාර ජයසුන්දර : 2-0-12-0

ශී‍්‍ර ලංකා ‘ඒ’ - දෙවැනි ඉනිම
උදාර ජයසුන්දර - ඇ.චොප්රා ප.ඔනියන්ස්    4
උපුල් තරංග - ඇ.බෝර්ත්වික් ප.වෝක්ස්    0
භානුක රාජපක්‍ෂ - ඇ. සහ ප.වෝක්ස්    20
මාධව වර්ණපුර - නොදැවී     49
නිරෝෂන් දික්වැල්ල - ඇ.චොප්රා ප.ප්ලන්කට්    10
චතුරංග ද සිල්වා - ඇ.ටේලර් ප.මුයීන් අලි    43
ඉෂාන් ජයරත්න - නොදැවී     21
අතිරේක     17
එකතුව  ඕවර 41 කදී කඩුලූ 5 ක් දැවී     164

කඩුලූ වැටීම:
1-04(උදාර), 2-04(තරංග), 3-39(භානුක), 4-55(දික්වැල්ල), 5-123(චතුරංග)

පන්දු යැවීම:
ග‍්‍රැහැම් ඔනියන්ස්  10-1-45-1, වෝක්ස් : 7-04-10-2, ටයිමල් මිල්ස් : 7-3-11-0, ලියාම් ප්ලන්කට් : 5-0-27-1, මුයීන් අලි : 7-0-28-1, ස්කොට් බෝර්ත්වික් : 5-0-26-1

විනිසුරුවරු
ප‍්‍රගීත් රඹුක්වැල්ල සහ රෝහිත කොට්ටච්චි


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන් අසීරු ගමනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.