ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 171 කට සීමා කළ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කී‍්‍රඩකයෝ මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි සිවුදින තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලූ 4 ක් දැවී ලකුණු 105 ක් ලබාගනිමින් සත්කාරක කණ්ඩායමට වඩා ලකුණු 264 ක් ඉදිරියට පැමිණියේය.
පළමු ඉනිමේදී ලකුණු 330 ක් ලබාගත් එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද තේ පානයට පෙර ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 171 කට සීමා කිරීමට යැවූයේ පන්දු ඕවර 48 ක් පමණි.
තේ පානයත් දිනයේ නිමාවත් අතරතුරදී කඩුලූ 4 ක් පමණක් දවාගැනීමේ අවසරය දෙමින් ලකුණු 105 ක් ලබාගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත් වූ නමුත් ශී‍්‍ර ලංකා ‘ඒ’ දග පන්දු යවන්නන් වූ චතුරංග ද සිල්වා (31/3) සහ තරිඳු කෞෂාල් (31/1) ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූහ.
පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවමානයෙන් තම පිල ගලවාගැනීමේ අභිලාෂයෙන් ධම්මික ප‍්‍රසාද් (50) දැඩි උත්සාහයක නිරත වූ නමුත් දුවද්දී දැවී යාම නිසා ලකුණු 171 දී ප‍්‍රසාද්ගේ ධෛර්යවන්ත ඉනිම නිමා විය.
ලකුණු 159 ක මුල් ඉනිමේ වාසියක් අතැතිව, පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීම ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට පැවරීමේ අවස්ථාව තිබියදීත් තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබුණ හෙයින් එංගලන්ත ‘ඒ’ කණ්ඩායම සිය දෙවැනි ඉනිම ආරම්භ කිරීමට තීරණය කළේය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ හත්වැනි කඩුල්ලත් ලකුණු 61 දී බිඳ වැටුණු පසුව ධම්මික ප‍්‍රසාද් සමග එක්වූ චතුරංග ද සිල්වා 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 64 ක් එක්කිරීමට සම්මාදම් විය. සිය අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී මුයීන් අලීගේ පන්දුවකට සීමාවෙන් ඉවතට පැමිණ පහර දීමට උත්සුකවූ චතුරංග, සිය පහර වැරදී යාමෙන් කඩුල්ල මෙන්ම ලැබිය යුතු අර්ධ ශතකයක්ද අහිමි කරගත්තේය.
පළමු ඕවරයේ සිටම අතිශය දුර්වල පිතිහරඹයක නිරත වූ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ ඉදිරිපෙළ පිතිකරුවෝ, පිටියේ මැද කෙටී, ඉපිළී, කඩුල්ලෙන් ඉවතට ඇදී යන පන්දුවලට පිත්ත දැමීමෙන් නිකරුණේ දැවී ගියහ.
පළමු ඕවරය යැවූ එංගලන්ත ‘ඒ’ නායක කි‍්‍රස් වෝක්ස් ශී‍්‍ර ලංකා ‘ඒ’ ලකුණු පුවරුවට එකම ලකුණක් හෝ එක්වීමට පෙර, පිට පිටම යැවූ පන්දු දෙකකදී උදාර ජයසුන්දර සහ භානුක රාජපක්‍ෂ පිටියෙන් ඉවත් කළේය. දෙදෙනාම දැවීගියේ එකම විලාසයෙනි.
උදාර ජයසුන්දරගේ උඩ පන්දුව ‘ගලී’හි පන්දු රකිමින් සිටි ලයාම් ප්ලන්කට් විසින් අති විශිෂ්ට අයුරින් තනි අතින් රැකගන්නා ලද අතර භානුක රාජපක්‍ෂගේ උඩපන්දුව දෙවැනි ස්ලිප්හි සිටි සෑම් රොබ්සන්ගේ දෑත් අතර සැගවී ගියේය. ඕවර දෙකකට පසුව මාධව වර්ණපුරගේ උඩපන්දුවත් පළමු ස්ලිප්හි සිටි වරූන් චොප්රා විසින් රැුකගන්නා ලද අතර රොෂේන් සිල්වාගේ උඩපන්දුව කඩුලූ රකින්නාට හිමිවිය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ ඉනිම පුරාම ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ එංගලන්ත ලයන්ස් නායක කි‍්‍රස් වෝක්ස් ලකුණු 45 කට කඩුලූ 4 ක් දවාගත් අතර සෙසු වේග පන්දු යවන්නන්ගෙන් ඔහුට කදිම සහයෝගයක් ලැබිණ. පා දග පන්දු යවන කී‍්‍රඩක ස්කොට් බෝරත්වික් පන්දු නොයැවූ නමුත් පිට දග පන්දු යවන මුයීන් අලී තවමත් වේග පන්දු යවන්නන්ට මනා සහයෝගයක් සහිත තණතීරුවකදී කඩුලූ දෙකක් දවාගත්තේය.
පළමු දිනය නිමා වන විට කඩුලූ 9 කට ලකුණු 299 ක් ලබා සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද පෙරවරුවේදී තම පිල වෙනුවන් තවත් ලකුණු 31 ක් එක්කරගත්තේ ග‍්‍රැහැම් ඔනියන්ස් සහ ටයිමල් මිල්ස්ගේ ලකුණු 36 ක සම්බන්ධතාවෙනි.
ලකුණු පුවරුව
එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) - පළමු ඉනිම 330
(වරූන් චොප්රා 58, ජේම්ස් ටේලර් 70, මොයීන් අලි 62, ධම්මික ප‍්‍රසාද් 68/4, චතුරංග ද සිල්වා 44/2, තරිඳු කෞෂාල් 95/3)
ශී‍්‍ර ලංකා ‘ඒ’ - පළමු ඉනිම
උදාර ජයසුන්දර - ඇ.ප්ලන්කට් ප.වෝක්ස් 0
උපුල් තරංග - ඇ.ටේලර් ප.මුයීන් අලි 30
භානුක රාජපක්‍ෂ - ඇ. රොබ්සන් ප.වෝක්ස් 0
මාධව වර්ණපුර - ඇ.චොප්රා ප.වෝක්ස් 3
නිරෝෂන් දික්වැල්ල - ක.මු.කළා ප.ඔනියන්ස් 9
රොෂේන් සිල්වා - ඇ.බෙයාර්ස්ටෝ ප.ප්ලන්කට් 9
චතුරංග ද සිල්වා - ඇ.චොප්රා ප.මුයින් අලි 47
ඉෂාන් ජයරත්න - ඇ.බෙයාර්ස්ටෝ ප.වෝක්ස් 0
ධම්මික ප‍්‍රසාද් - දුවද්දී දැවී ගියා 50
තරිඳු කෞෂාල් - දුවද්දී දැවී ගියා 6
විශ්ව ප‍්‍රනාන්දු - නොදැවී 4
අතිරේක 13
එකතුව ඕවර 48 කදී සියලූ දෙනා දැවී 171
කඩුලූ වැටීම:
1-00(උදාර), 2-00(භානුක), 3-12(මාධව), 4-39(දික්වැල්ල), 5-51(රොෂේන්), 6-55(තරංග), 7-61(ඉෂාන්), 8-125(චතුරංග), 9-143(කෞෂාල්), 10-171(ප‍්‍රසාද්)
පන්දු යැවීම:
කි‍්‍රස් වෝක්ස් : 12-3-45-4, ග‍්‍රැහැම් ඔනියන්ස් : 9-0-27-1, ටයිමල් මිල්ස් : 10-0-42-0, ලයාම් ප්ලන්කට් : 8-0-31-1, මුයීන් අලි : 9-4-16-2
එංගලන්ත ‘ඒ’ -දෙවැනි ඉනිම
ඇලෙක්ස් ලීස් - ක.මු.කළා ප.චතුරංග 33
සෑම් රොබ්සන් - ක.මු.කළා ප.චතුරංග 15
වරූන් චොප්රා - ක.මු.කළා ප.කෞෂාල් 24
ජේම්ස් ටේලර් - ඇ.රාජපක්‍ෂ ප.චතුරංග 15
ලියාම් ප්ලන්කට් - නොදැවී 6
මුයීන් අලී - නොදැවී 12
අතිරේක 0
එකතුව ඕවර 32 කදී කඩුලූ 4 ක් දැවී 105
කඩුලූ වැටීම:
1-40(රොබ්සන්), 2-57(ලීස්), 3-85(ටේලර්), 4-87(චොප්රා)
පන්දු යැවීම:
ධම්මික ප‍්‍රසාද් : 4-1-09-0, විශ්ව ප‍්‍රනාන්දු : 5-1-18-0, ඉෂාන් ජයරත්න : 5-0-16-0, චතුරංග ද සිල්වා : 11-1-31-3, තරිඳු කෞෂාල් : 7-2-31-1
විනිසුරුවරු
ප‍්‍රගීත් රඹුක්වැල්ල සහ රෝහිත කොට්ටච්චි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.