Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා යොවුන් පිලට ලකුණු 49 ක ජයක්

ශී‍්‍ර ලංකා යොවුන් පිලට ලකුණු 49 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ නවසීලන්ත වයස 19 න් පහළ පිල අතර සාජා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ ලකුණු 49 ක ජයක් ලැබීමට සමත් වූහ.

ජයග‍්‍රහණය සදහා ලකුණු 276 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත පිලට  ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 226 ක් පමණි.

ශ්‍රී ලංකා යොවුන් පිලේ ලක්‍ෂාන් ජයසිංහ (32/2), බිනුර ප‍්‍රනාන්දු (42/2) සහ අනුක් ප‍්‍රනාන්දු (65/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ. මෙම තරගාවලිය වෙනුවෙන්ම වමතින් පා දග පන්දු යවන්නකු බවට පත්කළ හර්ෂ රාජපක්‍ෂ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින්  ඕවර 10 ක් යවමින් නිලකුණු  ඕවර දෙකක් සමගින් ලකුණු 24 ක් පමණක් දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපත ලබා නවසීලන්ත පිල නියෝජනය කරන රිකී වීරසුන්දර පන්දු 69 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් රැුස් කළේය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩයෝ  ඕවර 50 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 275 ක් රැස් කිරීමට සමත් වූහ.

නායක කුසල් මෙන්ඩිස් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 107 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 91 ක් රැස්කරමින් ඉනිම ශක්තිමත් කිරීමට සමත් විය.

කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික‍්‍රම දෙවැනි කඩුල්ල සදහා ලකුණු 97 ක සම්බන්ධතාවක් පවත්වමින් ශී‍්‍ර ලංකා යොවුන් පිල ප‍්‍රබල තත්ත්වයකට රැුගෙන ඒමට සමත් වූහ. උප නායක සධීර සමරවික‍්‍රම අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 81 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 67 ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ පසුගිය සංචාර කීපයේදීම පිත්තෙන් දස්කම් දැක්වූ ප‍්‍රියමාල් පෙරේරා මෙහිදී ද වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 34 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 37 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු හෂාන් දුමිඳු පන්දු 14 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 17 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.

නවසීලන්ත නායක රොබට්  ඕ’ඩොනල් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල
හෂාන් දුමිඳු - ඇ. ලියෝ කාටර් ප. කිලි ජැමිසන්     17
සධීර සමරවික‍්‍රම - ඇ. කෙන් මැක්ලූරි ප. ලියෝ කාටර්    67
කුසල් මෙන්ඩිස් - ස්ටම්ප් ටිම් සිෆිර්ට් ප. රොබට්  ඕ ඩොනල්     91
මිනෝද් භානුක - ඇ. රොබට්  ඕ ඩොනල් ප. ඩනි වොට්සන්    13
ප‍්‍රියමාල් පෙරේරා - දුවද්දී දැවී ගියා     37
තිලක්‍ෂ සුමනසිරි - ඇ. රොබට්  ඕ ඩොනල් ප. බි‍්‍රට් රැුන්ඩෙල්    22
හර්ෂ රාජපක්‍ෂ - ඇ. ඩැනි වොට්සන් ප. කිලි ජැමිසන්     11
අනුක් ප‍්‍රනාන්දු - ඇ. ජෙරමි බෙන්ටන් ප. කිලි ජැමිසන්           2
රමේෂ් මෙන්ඩිස් - ප. කිලි ජැමිසන්                       2
බිනුර ප‍්‍රනාන්දු - නොදැවී                            7
ලක්‍ෂාන් ජයසිංහ - නොදැවී                           2     
අතිරේක     4
එකතුව  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී     275

කඩුලූ වැටීම:
1-48(හෂාන් දුමිඳු), 2-145(සධීර සමරවික‍්‍රම), 3-180(මිනෝද් භානුක), 4-203(කුසල් මෙන්ඩිස්), 5-244(තිලක්‍ෂ සුමනසිරි), 6-262(ප‍්‍රියමාල් පෙරේරා), 7-263(හර්ෂ රාජපක්‍ෂ), 8-266(අනුක් ප‍්‍රනාන්දු), 9-266(රමේෂ් මෙන්ඩිස්)

පන්දු යැවීම:
කිලි ජැමිසන්: 9-0-49-4, බි‍්‍රට් රැුන්ඩල්: 7-0-45-1, ජෙරමි බෙන්ටන්: 10-0-38-0, ශවන් හික්ස්: 5-0-29-0, රොබට්  ඕ ඩොනල්: 6-0-38-1, ඩනි වොට්සන්: 9-0-49-1, ලියෝ කාටර්: 4-0-26-1

නවසීලන්ත වයස 19 න් පහළ පිල
රිකී වීරසුන්දර - ඇ. මිනෝද් භානුක ප. අනුක් ප‍්‍රනාන්දු    33
ටිම් සිෆිර්ට් - ස්ටම්ප් මිනෝද් භානුක ප. ලක්‍ෂාන් ජයසිංහ     29
කෙන් මැක්ලූරි - ක. මූ. කළා ප. ලක්‍ෂාන් ජයසිංහ     16
රොබට්  ඕ ඩොනල් - ඇ. හෂාන් දුමිඳු ප. අනුක් ප‍්‍රනාන්දු    43
ශවන් හික්ස් - ඇ. රමේෂ් මෙන්ඩිස් ප. බිනුර ප‍්‍රනාන්දු    9
ලියෝ කාටර් - දුවද්දී දැවී ගියා     0
ලූක් විලියම්සන් - ඇ. ලක්‍ෂාන් ජයසිංහ ප. රමේෂ් මෙන්ඩිස්     30
කිලි ජැමිසන් - නොදැවී     29
බි‍්‍රට් රැන්ඩෙල් - ඇ. මිනෝද් භානුක ප. බිනුර ප‍්‍රනාන්දු    11
ඩනි වොට්සන් - නොදැවී     12  
අතිරේක     14
එකතුව  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී     226
 

පන්දුවට පහර නොදුන් පිතිකරු:
ජෙරමි බෙන්ටන්
 

කඩුලූ වැටීම:
1-63(ටිම් සිෆිර්ට්), 2-67(රිකී වීරසුන්දර), 3-96(කෙන් මැක්ලූරි), 4-120(ශවන් හික්ස්), 5-120(ලියෝ කාටර්), 6-158(රොබට්  ඕ’ඩොනල්), 7-175(ලූක් විලියම්සන්), 8-191(බි‍්‍රට් රැන්ඩෙල්)
 

පන්දු යැවීම:
බිනුර ප‍්‍රනාන්දු: 10-0-42-2, හර්ෂ රාජපක්‍ෂ: 10-2-24-0, අනුක් ප‍්‍රනාන්දු: 10-1-65-2, ලක්‍ෂාන් ජයසිංහ: 9-0-32-2, රමේෂ් මෙන්ඩිස්: 10-0-48-1, කුසල් මෙන්ඩිස්: 1-0-07-0

048


අදහස් (0)

ශී‍්‍ර ලංකා යොවුන් පිලට ලකුණු 49 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.