Last Update  :  2026-01-04 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ වි:20 තරගාවලිය දිනති

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ වි:20 තරගාවලිය දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ප‍්‍රබල ඉන්දීය පිලට එරෙහිව ඉන්දියාවේදී පැවැති විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවේ කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ පළමු වරට විස්සයි:20 කි‍්‍රකට් තරගාවලියක ජයග‍්‍රහණය වාර්තා කිරීමට අද (28) සමත් වූහ.

විශාඛාපට්නම්හිදී ඊයේ පැවැති තෙවැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබූහ.

තරගාවලියේ පළමු තරගයේදී කඩුලූ 3 කින් ජය ගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ ඉතිසාහයේ පළමු වරට විස්සයි20 තරගයකදී ඉන්දීය පිල පරාජය කළහ. දෙවැනි තරගයෙන් ඉන්දීය පිල ලකුණු 9 ක තියුණු ජයක් ලැබීය.

මෙම තරගාවලිය පුරාම ශ්‍රී ලංකා පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධන තුන් ඉරියව් දසක්ම් දැක්වූ අතර ශෂිකලා මෙම තරගයේදී ද ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 42 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස් කිරීමට සමත් වූවාය.

ශෂිකලා  ඕවර තුනකදී ලකුණු 11 ක් පමණක් ලබා දෙමින් කඩුල්ලක් ද දවා ගත්තාය.  

ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 117
(පුනාම් රයුට් 38, එක්ටා බිෂ්ට් 15, ජුලාන් ගෝස්වාමි නොදැවී 37, උදේෂිකා ප‍්‍රබෝධනී 20/2, මධුරි සමුදිකා 18/2)

ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 18.5 කදී කඩුලූ 4 ට 121
(දීපිකා රසාංගිකා 21, ශෂිකලා සිරිවර්ධන නොදැවී 46, චමරි පොල්ගම්පොළ 16, ඒෂානි ලොකුසූරිය නොදැවී 24, එක්ටා බිෂ්ටි 22/2)


අදහස් (5)

ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ වි:20 තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.