ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම්වල නිල උත්සව ඇඳුම් සපයන්නා ලෙස හමීඩියාස් සමාගම පත්කරනු ලැබ සිටී. හමීඩියාස් සමාගම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අතර ඇතිකරගන්නා ලද ගිවිසුම වසර 3 ක කාලයක් සඳහා බලපැවැත්වෙන්නකි.
අදාළ ගිවිසුම අනුව ශී‍්‍ර ලංකාවේ සියලූම ජාතික කණ්ඩායම් සඳහා උත්සව ඇඳුම් සැපයීමේ අවස්ථාව හමීඩියාස් ආයතනයට හිමිවේ. ඒ අනුව ශී‍්‍ර ලංකා, ශී‍්‍ර ලංකා ‘එ්’, පළාත් වි:20 තරගාවලියේ ශූරයන්ට මෙන්ම වාර්ෂිකව ශූරයන්ගේ ලීග් තරගාවලියට යන කණ්ඩායම් සඳහාත් ‘හමීඩියාස්’ ලාංඡනය සහිත ඇඳුම් සැපයෙනු ඇත.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සහ හමීඩියාස් ආයතනය අතර ඇතිකරගන්නා ලද ගිවිසුම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ජයන්ත ධර්මදාස මහතා සහ හමීඩියාස් ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ෆවුසුල් හමීඞ් යන මහත්වරුන් හුවමාරු කරගත් අවස්ථාව. හමීඩියාස් ආයතනයේ චින්තක වනිගසේකර සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස්ද ඡුායාරූපයේ සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.