Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා - නවසීලන්ත තරගය හෙට

ශී‍්‍ර ලංකා - නවසීලන්ත තරගය හෙට

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ක‍්‍රීඩකයන්ගේ මහා මංග්‍යය ලෙස සැළකෙන 10 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ‘යොවුන් ලෝක කුසලාන’ ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී හෙට (14) ආරම්භ වේ.

කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල හෙට (14) සාජා ක‍්‍රීඩාංගණයේදී නවසීලන්ත පිලට එරෙහිව තරග කිරීමට නියමිතය.  
කැනඩාව සහ සිම්බාබ්වේ අතර තරගය අබුඩාබි ක‍්‍රීඩාංගණයේදී ද, දකුණු අප‍්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය ඩුබායිහිදීද, හෙට (14) පැවැත්වේ.   

මෙවර යොවුන් ලෝක කුසලාන තරගාවලියට ඇෆ්ගනිස්තානය,  ඕස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, ඉන්දියාව, නැමීබියාව, නවසීලන්තය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියාව, ස්කොට්ලන්තය, දකුණු අප‍්‍රිකාව, ශ්‍රී ලංකාව, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන රටවල් 16 සහභාගි වෙයි.

ශ්‍රී ලංකාව පළමු වටයේදී නවසීලන්තය, එංගලන්තය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය යන රටවල් සමග ‘ඞී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරයි.

පළමු යොවුන් ලෝක කුසලාන තරගාවලිය 1988 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති අතර ඊට වසර 10 කට පසුව 1998 වසරේ දෙවැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප‍්‍රිකාවේදී පැවැත්විණි.

එතැන් සිට යොවුන් ලෝක කුසලාන තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වූ අතර අවසන් ලෝක යොවුන් ලෝක කුසලාන තරගාවලිය 2012 වසරේ  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්විණි.

ඕස්ටේ‍්‍රලියාව 1988, 2002 සහ 2010 තරගාවලි තුනේ ද, ඉන්දියාව 2000, 2008 සහ 2012 තරගාවලි තුනේ ද, ශූරයන් බවට පත්වෙමින් තෙවරක් ශූරයන් බවට පත්ව තිබේ. පාකිස්තානය 2004 සහ 2006 යන තරගාවලිවල ශූරයන් බවට පත්ව ඇති අතර එංගලන්තය 1998 වසරේ ශූරයන් බවට පත්විය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:
කුසල් මෙන්ඩිස් (නායක), සධීර සමරවික‍්‍රම (උප නායක), මිනෝද් භානුක, හෂාන් දිමිදු, කවිඳු කුලසේකර, ප‍්‍රියමාල් පෙරේරා, තිලක්‍ෂ මල්ෂාන්, හෂේන් රාමනායක, බිනුර ප‍්‍රනාන්දු, අනුක් ප‍්‍රනාන්දු, හෂාන් විමර්ශන, ඒ. කේ. ටිරෝන්, ලක්‍ෂාන් ජයසිංහ, රමේෂ් මෙන්ඩිස් සහ හර්ෂ රාජපක්‍ෂ

නවසීලන්ත වයස 19 න් පහළ සංචිතය:
රොබට්  ඕ’ඩොනල් (නායක), ජෙරමි බෙන්ටන්, ලියෝ කාටර්, හෙන්රි කොලියර්, ජෝෂ් ෆින්නි, ශවන් හික්ස්, ජැක් හන්ටර්, කිලි ජැමිසන්, කෙන් මැක්ලූරි, බි‍්‍රට් රැුන්ඩල්, ටිම් සිෆිර්ට්, ඩැනි වොට්සන්, කර්ට්ලි වොට්සන්, රිකී වීරසුන්දර සහ ලූක් විලියම්සන්


අදහස් (0)

ශී‍්‍ර ලංකා - නවසීලන්ත තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.