Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග‍්‍රහය

ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග‍්‍රහය

අමිල හේරත් - 2016 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර 82 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයට අනුග‍්‍රහය දැක්වීමට ‘ඩයලොග්’ සමාගම ඉදිරිපත්ව තිබේ. මෙවර තරගය මාර්තු මස 4 සහ 5 දෙදින පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.


අනුග‍්‍රහය නිල වශයෙන් පිරිනැමීමේ උත්සවය ඩයලොග් එන්ටර්ප‍්‍රයිසස්හි සමූහ ප‍්‍රධාන නිලධාරී ජෙරමි හස්ටබෙල් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.  


ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති ට‍්‍රැවිස් ගේබි‍්‍රයල් පියතුමා සහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පති ටෙ‍්‍රවෝ මාටින් පියතුමා ඇතුළු තරග සංවිධාන ඒකාබද්ධ කමිටුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් වූහ.


විදුහල් දෙකේ සංචිත දෙක නියෝජනය කරන ක‍්‍රීඩකයෝද මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. 

 


ඩයලොග් එන්ටර්ප‍්‍රයිසස්හි සමූහ ප‍්‍රධාන නිලධාරී ජෙරමි හස්ටබෙල් මහතා විසින් ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති ටෙ‍්‍රවිස් ගේබි‍්‍රයල් සහ ශාන්ත පීතර විදුහලේ විදුහල්පති ටෙ‍්‍රවෝ මාටින් පියතුමන්ලා වෙත අනුග‍්‍රහක චෙක්පත නිලවශයෙන් ප‍්‍රදානය කරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ශාන්ත පීතර විදුහල් පිලේ නායක විනූ මොහොට්ටි (වමේ) සහ ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායක සඳරුවන් රොද්‍රිගු (දකුණේ) ඡායාරූපයේ සිටිති.


(ඡායාරූපය: ඉන්ද්‍රරත්න බාලසූරිය)

 

 

 


අදහස් (0)

ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග‍්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.