අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහලට එරෙහිව ගාල්ලේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය.
ශාන්ත සෙබස්තියන් විදුහලේ පළමු ඉනිමේදී මුදිත ප‍්‍රනාන්දු (94) ද, දෙවැනි ඉනිමේදී අවිශ්ක ප‍්‍රනාන්දු (නොදැවී 53) ද අර්ධ ශතක ලබාගත්හ.
මහින්ද විදුහල් පළමු ඉනිමේදී ලකුණු 43 කට කඩුලූ 5 ක් දවාගත් ළහිරු හේෂාන් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු ඉනිම ඕවර 82.1 කදී සියලූ දෙනා දැවී 261
(මුදිත ප‍්‍රනාන්දු 94, අවිශ්ක ප‍්‍රනාන්දු 47, විෂාන් ද මෙල් 34, කුසල් ලක්තිළිණ 30, සචික උදාර 47/3, තාරුක සමරවික‍්‍රම 39/2, පසිඳු දිල්ෂාන් 42/2, සුරේෂ් ද සිල්වා 86/2)
මහින්ද විදුහල - පළමු ඉනිම ඕවර 76.3 කදී සියලූ දෙනා දැවී 142
(ගිහාන් ධනුෂ්ක 48, ඉෂාර අකලංක 26, තාරුක සමරවික‍්‍රම 20, ළහිරු හේෂාන් 43/5, නිමේෂ් බණ්ඩාර 23/2)
ශාන්ත සෙබස්තියන් විදුහල - දෙවැනි ඉනිම ඕවර 23 කදී කඩුල්ලක් දැවී 86
(අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 53, විරාජ් පෙරේරා නොදැවී 21)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.