බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවැති ‘ඒ. පිල්ලෙයි’ පියතුම අනුස්මරණ කුසලාන 41 වැනි වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 59 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබූහ.
ශාන්ත පීතර විදුහල මෙම තරගය ජය ලැබූ 18 වැනි අවස්ථාව මෙය වේ. ශාන්ත පීතර විදුහල 2012 වසරෙන් පසුව වසර දෙකකට පසුව ජය ලැබීමට ද කැපී පෙනේ.
පළමුව පන්දුවට පහර දුන් ශාන්ත පීතර විදුහල ඕවර 38.4 කදී කඩුලූ 7 කට ලකුණු 166 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීමට සිදුවිය. ඒ අනුව ශාන්ත ජෝශප් විදුහලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 29 කදී ලකුණු 159 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය.
ශාන්ත පීතර විදුහල ඕවර 38.4 කදී කඩුලූ 7 ට 166
(චන්දුල ජයමාන්න නොදැවී 40, සවීන් ගුණසේකර 44, ලක්‍ෂිණ රොද්‍රිගු 20, හෂින්ද්‍ර පෙරේරා 10/2, මල්ෂාන් රොද්‍රිගු 22/2)
ශාන්ත ජෝශප් විදුහල ඕවර 23 කදී සියලූ දෙනා දැවී 99
(ජෙහාන් ඩැනියල් 30, රන්දල් සෙනෙවිරත්න 30/2, හෂාන් මල්ක 10/2, විනූ මොහොට්ටි 9/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.