අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ උඩුගම්පොල ශාන්ත පීතර විදුහල සහ මීගමුව ශාන්ත මරියා විදුහල අතර මාරපොළ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 16 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත පීතර විදුහලේ විසල් රුක්ෂාන් 32 කදී කඩුලු 7 ක් දවාගත් අතර එම විදුහලේම මිනිදු ශෙනාල් (64) සහ දිසල් රුක්ෂාන් (63) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 34.5 කදී කඩුලු 9 ක් දැවී 220
(මිනිදු ශෙනාල් 64, දිසල් රුක්ෂාන් 63, අචින්ත දිල්හාර 47, සදෙව් නෙත්සර 29, බි්‍රයන් තරිඳු 22, අෂේන් භාතිය 63/5)
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 11.4 කදී සියලු දෙනා දැවී 35
(හසල් තෙජාන් 27/3, විසල් රුක්ෂාන් 11/3)
ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 169
(අෂේන් භාතිය 41, විසල් රුක්ෂාන් 21/4, මිනිඳු ශෙනාල් 47/4, දිනූෂ ෆොන්සේකා 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.