Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2023 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් I කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල ඊයේ (9 වැනිදා) සමත් විය.

ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ වෙස්ලි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

තරගය නිමාවට පත්වන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝෂප් විදුහල කඩුලු 3 ක් දැවී ලකුණු 199 ක් ලබා සිටි අතර දක්ෂ පිතිහරඹයක නිරත වූ සන්දේෂ් ජයවර්ධන ලකුණු 117 ක් රැස්කළේය.


ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 108.3 කදී සියලු දෙනා දැවී 232
(නරේන් මුරලිදරන් 67, මුදිත දිසානායක 33, ඩී.එස්. සේරසිංහ 37, යෙනුල දෙව්තුස 26, රිෂ්ම අමරසිංහ 24, උවින් පෙරේරා 26/3, ලිනාල් සුබසිංහ 47/2)

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 135
(ලිනාල් සුබසිංහ 52, සනිතු අමරසිංහ 28, යෙනුල දෙව්තුස 36/5, ගගන් චමෝද් 24/3)

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 3 ක් දැවී 199
(සන්දේෂ් ජයවර්ධන 117, සහන් දාබරේ 52, අවින්ත ද අල්විස් 27, ජේතන් වයිමාන් 36/2)

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.