අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ශාන්ත ජෝෂප් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර බත්තරමුල්ල ශ්‍රී සුබූති විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් සෙනාල් ශර්මන්, යසිඳු මෙත්වන් සහ චමෝද් ආලෝකද, සුමංගල විදුහල වෙනුවෙන් චිරන කුමාරගේ සහ ඔසඳ හසරංගද කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වූහ.
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 164
(යෂාන් මිනුක 31, ඉෂාම් ප්‍රනාන්දු 27, රමිඳු ඉවන්ත 22, චිරන කුමාරගේ 30/3, ඔසඳ හසරංග 38/3)
සුමංගල විදුහල - ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 143
(රසික දිල්ෂාන් 24, දුලන ප්‍රනාන්දු 22, සෙනාල් ශර්මන් 11/3, යසිඳු මෙත්වන් 19/3, චමෝද් ආලෝක 37/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.