Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝශප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ශාන්ත ජෝශප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

editorial - 2025 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය  සමත්විය. කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල  ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි වටයේ තරගයේදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය විසින් හලාවත ශාන්ත මරියා විද්‍යාලයට පරදවා පළමු ඉනිමේ ජයක් ලැබීය.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය වෙනුවෙන් චේතින කාවින්ද පිත්තෙන් දස්කම් දැක්වූ අතර, ඩිහේන් ජයතිලක පන්දුවෙන් දස්කම් දැක්වීය. හලාවත ශාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් රසිඳු ආකර්ෂ පිත්තෙන් දස්කම් දැක්වූ අතර, රිෂිනෝ රෙහාන් පන්දුවෙන් දස්කම් දැක්වීය.


කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම 214 
(චේතින කාවින්ද 69, තිසඟ පෙරේරා 35, නේතන් ද සිල්වා 34, රිෂිනෝ රෙහාන් 44/4, නෙතුල ෂෙවොන් 11/2)

හලාවත ශාන්ත මරියා විද්‍යාලය - පළමු ඉනිම 163 යි 
(රසිඳු ආකර්ෂ 89, ෂෙවොන් චමුදිත 27, ඩිහේන් ජයතිලක 25/4, ගයාෂ ප්‍රනාන්දු 25/3)


අදහස් (0)

ශාන්ත ජෝශප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.