Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 151 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝශප් වාස් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශාන්ත ජෝශප් වාස් විදුහලේ නෙත්මාල් ද සොයිසා (නොදැවී 108) සහ මෙනූෂ පෙරේරා (නොදැවී 101) ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම අචින්ත දේශාන් ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 52
(අචින්ත දේශාන් 11/5, විශ්ව රාජපක්ෂ 08/2)
ශාන්ත ජෝශප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 3 ක් දැවී 323
(නෙත්මාල් ද සොයිසා නොදැවී 108, මෙනූෂ පෙරේරා නොදැවී 101, චමත් යෂෝහාර 44, අවිෂ්ක පෙරේරා 38)
මලියදේව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී 120
(නිසල් රත්නායක 32, මාදව වීරකෝන් 21, අචින්ත දේශාන් 06/3, මෙනූෂ පෙරේරා 27/3, නිපුන ද සිල්වා 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.