අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර ශාන්ත ජෝශප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝශප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝශප් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට දිනිල් ෆර්නෑන්ඩස් (නොදැවී 51) සමත් වු අතර එම විදුහලේම ජෙහාන් පෙරේරා සහ යොහාන් පෙරේරා කඩුලු 4 ක් බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත ජෝශප් විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 8 ක් දැවී 225
(දිනිල් ෆර්නෑන්ඩස් නොදැවී 51, තෙවින් පුංචිහේවා 30, අවින්ත ද අල්විස් 27, ඉමාෂ් ක්‍රිස්ට්මින් 26, ලක්මිණ ප්‍රනාන්දු 21, දුලෙන් නිම්සඳු 41/3, කවිත් පෙරේරා 40/2)
ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලු දෙනා දැවී 112
(සඳමු වෙනුරක 23, හිවිඳු කිරුලපන 22, ජෙහාන් පෙරේරා 26/4, ලක්මිණ ප්‍රනාන්දු 14/3, අවින්ත ද අල්විස් 19/2)
ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 24 කදී කඩුලු 6 ක් දැවී 56
(තිතිර රිවිත්මල් 23, යොහාන් පෙරේරා 01/4, ලක්මිණ ප්‍රනාන්දු 06/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.