Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ඇලවීෂියස් අවසන් පූර්ව වටයට එයි

ශාන්ත ඇලවීෂියස් අවසන් පූර්ව වටයට එයි

editorial - 2023 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් I කොටසේ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සමත් විය.

කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තර්ස්ටන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත ඇලවීෂියස් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයේ ස්ථානයක් වෙන්කරවා ගත්හ.

මෙම තරගයේදී ශාන්ත ඇලවීෂියස් විදුහලේ විදුර ලක්ෂාන් (53), චාර්ය පරණවිතාන (75), භාෂන ද සිල්වා (57) සහ හසිත සුරංග (51) යන ක්‍රීඩකයෝ අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.  

 

ශාන්ත ඇලවීෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 57.2 කදී සියලු දෙනා දැවී 147
(විදුර ලක්ෂාන් 53, මිනුග දුලන්මිත් 16/3, තනුග පලිහවඩන 37/3, අසීම් මොහොමඩ් 17/2, කාවින්ද ප්‍රභාත් 30/2)

තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 50.5 කදී සියලු දෙනා දැවී 141
(ශානික්‍ය දේෂප්‍රිය 27, තනුග පලිහවඩන 23, උෂාන් ඉමේෂ් 23, ඕෂධ දේවින්ද 21/4, කවිඳු කේසර 29/3)

ශාන්ත ඇලවීෂියස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 69 කදී කඩුලු 4 ක් දැවී 232
(චාර්ය පරණවිතාන 75, භාෂන ද සිල්වා 57, හසිත සුරංග 51, ඕෂධ දේවින්ද නොදැවී 24)

 


අදහස් (0)

ශාන්ත ඇලවීෂියස් අවසන් පූර්ව වටයට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.