(කුරුණෑගල ජනුර් කිචිලාන්)
කුරුණෑගල මලියදේව විද්‍යාලය හා ශාන්ත ආනා විද්‍යාලය අතර 29 වන වරටත් පැවැත්වූ එක් දින සීමිත ඕවර තරගයෙන් කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය කඩුලු 5 ක ජයක් අත්කර ගත්තේය. ශාන්ත අනා විදුහල් කණ්ඩායම මෙම සීමිත ඕවර තරගය ජයගත්තේ වසර 7 කට පසුවය.
පළමුවෙන් පන්දුවට පහර දුන් කුරුණෑගල මලියදේව විදුහලට ලබා ගැනිීමට හැකි වූයේ ඕවර 49 පන්දු 1 කදී සියලූ දෙනා දැවී ලකුණු 197 ක් පමණි. කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය ඕවර 42 ක දී කඩුලූ 5 කට ලකුණු 200 ක් ලබා ගෙන තරගය ජයගත්තේය.
කුරුණෑගල මලියදේව විදුහල - ඕවර 49.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 197 යි
(දුෂාන් සයුරංග 62, චන්දුප අබේසිංහ 29, සොනාල් අෂ්වින් 20, තවීෂ බාලසූරිය 19, තිවංක පබසර 16, මනුජ විජේරත්න ලකුණු 28 /3)
ශාන්ත ආනා විදුහල - ඕවර 42 කදී කඩුලු 5 ට 200 යි
(සනුක කෙම්සර 46, කුශාන් සුබසිංහ 34, යශ්මිත් ජයසුන්දර නොදැවී 43, සනුජ දිසානායක නොදැවී 50, නිශුද චන්ද‍්‍රසිරි 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.