Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ආනා ඉනිමකින් ජය ගනී

ශාන්ත ආනා ඉනිමකින් ජය ගනී

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කුරුණැගල මලියදේව කී‍්‍රඩාංගණයේ පැවති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ තරගාවලියේ තරගයකින් මාරවිල ශාන්ත සේවියර් විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 57 ක ජයක් වාරතා කිරීමට කුරුණෑගල ශාන්ත ආනා විදුහල සමත්විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 161 ක අභියෝගයකට මුහුණදුන් ශාන්ත සේවියර් විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 103 ක් පමණි.

ශාන්ත ආනා විදුහලේ මෙහොමඞ් අෆ්සාල් ඉනිම දෙකේදීම ලකුණු 41 කට කඩුලූ 8 ක් දවාගනිමින් ශාන්ත සේවියර් විදුහලේ ඉනිම් දෙක පිළිවෙළින් ලකුණු 78 කට සහ 103 කට සීමා කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් යොහාන් කල්හාර ලකුණු 48 කට කඩුලූ 6 ක් දවාගත්තේය.

ශාන්ත ආනා විදුහල පළමු ඉනිම ඕවර 55.2 කදී සියලූදෙනා දැවී 238
(ජනිත් පෙරේරා 37, මල්ෂාන් පෙරේරා 34, මෙහොමඞ් අෆ්සාල් 33, ලක්ෂිත දිල්ෂාන් 64/5, ශේන් මාධව 51/3)

ශාන්ත සේවියර් විදුහල පළමු ඉනිම ඕවර 24.4 කදී සියලූදෙනා දැවී 78
(හසිඳු ගීවින්ද 19, මෙහොමඞ් අෆ්සාල් 06/3, යොහාන් කල්හාර 08/3)

ශාන්ත සේවියර් විදුහල දෙවැනි ඉනිම ඕවර 22.5 කදී සියලූදෙනා දැවී 103
(ශේන් මාධව 42, මෙහොමඞ් අෆ්සාල් 35/5, යොහාන් කල්හාර 40/3)

036


අදහස් (0)

ශාන්ත ආනා ඉනිමකින් ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.