Last Update  :  2025-12-19 14:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ මාරවිල ශාන්ත ෂේවියර් විදුහල අතර ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට අසිත වන්නිනායක (නොදැවී 106) සමත් වූ අතර එම විදුහලේම ප්‍රවීන් නවරත්න (76) සහ බිම්සර ජයසේකර (50) අර්ධ ශතක ලබාගත්හ.  

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත අන්තෝනි විදුහලේ ප්‍රවීන් රාමයියා ලකුණු 08 කට කඩුලු 6 ක් දවාගනිමින් ශාන්ත ෂේවියර් විදුහල් ඉනිම ලකුණු 27 කට සීමා කිරීමට පුරෝගාමී විය.


ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 25 කදී කඩුලු 4 ක් දැවී 204
(ප්‍රවීන් නවරත්න 76, බිම්සර ජයසේකර 50, අචින්ත අප්පුහාමි 48/2)

ශාන්ත ෂේවියර් විදුහල් පළමු ඉනිම - ඕවර 13 කදී සියලු දෙනා දැවී 27
(ප්‍රවීන් රාමයියා 08/6, ළහිරු අබේසිංහ 11/2)

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 11 කදී කඩුල්ලක් දැවී 162
(අසිත වන්නිනායක නොදැවී 106, ළහිරු අබේසිංහ 38)

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.