Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක ජයක්

ශා.සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක ජයක්

Nisanka Sandeepani - 2018 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 18 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය. මෙම තරගය මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරූෂ ප්‍රනාන්දු (95) අර්ධ ශතකයක් සහ කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර විනුජ රණසිංහ කඩුලු 9 ක් දවාගනිමින් ශාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ශා.සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 69.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 301
(තරූෂ ප්‍රනාන්දු 95, නිශිත අභිලාෂ් 55, ශනෙල් ප්‍රනාන්දු 51, විනුජ රණසිංහ 33, ප්‍රවීන් කුරේ 21, ජනිඳු ජයවර්ධන 78/5, ගයාශාන් හෙට්ටිආරච්චි 34/3)

බණ්ඩාරනායක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලුදෙනා දැවී ලකුණු 182
(අරෝෂ මදුශාන් 48, මාධව තත්සර 32, හචිත ත්‍රිනාල් 26, හසිත ගයාෂාන් 24, විනුජ රණසිංහ 72/5, ටෂිත් පෙරේරා 40/2)

බණ්ඩාරනායක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 31.5 කදී සියලුදෙනා දැවී ලකුණු 101
(අරෝෂ මදුශාන් 39, තරූෂ ප්‍රනාන්දු 31/5, විනුජ රණසිංහ 47/4)


අදහස් (0)

ශා.සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.