Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ශා.සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විදුහලට එරෙහිව ලකුණු 156 ක ජයක් හිමිකරගත් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (5 වැනිදා) සමත්විය.

මෙම තරගය මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූණි.

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ඉඳුවර ද අල්විස් (87) සහ සුකිත මනෝජ් (54) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ශා. සෙබස්තියන් විදුහල - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී 296
(ඉඳුවර ද අල්විස් 87, සුකිත මනෝජ් 54, සවිඳු රොෂේන් 40, සෙයියදු අසීන් 45/3, කවිඳු වේරගොඩ 51/2)

ආනන්ද ශාස්ත්‍රාල විදුහල - ඕවර 37.5 කදී සියලුදෙනා දැවී 140
(ධනංජව එදිරිසිංහ 51, චකිල පෙරේරා 52/3, දිශේන් වීරසිංහ 01/2)

 


අදහස් (0)

ශා.සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.