අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව ආදර්ෂ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර මලියදේව ආදර්ෂ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ විදුදර මධුරසිංහ (116) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සසික බස්නායක ලකුණු 15 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මලියදේව ආදර්ෂ විදුහල් පළමු ඉනිම - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 52
(සසික බස්නායක 15/6, ධර්මදේවන් දනුෂ් 01/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 6 ක් දැවී 217
(විදුදර මධුරසිංහ 116, දැහැමි වෙලගෙදර 27, ධනංජය සෙනෙවිරත්න 21, නිපුන් මෙන්ඩිස් 94/3)
මලියදේව ආදර්ෂ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 3 ක් දැවී 156
(මාදව වීරකෝන් නොදැවී 66, නිපුන් මෙන්ඩිස් නොදැවී 42)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.