Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.පීතර ‘බී’ කණ්ඩායමට කඩුල්ලක තියුණු ජයක්

ශා.පීතර ‘බී’ කණ්ඩායමට කඩුල්ලක තියුණු ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (12 වැනිදා) සමත්විය. මෙම තරගය වාද්දුව මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන් ප්‍රනාන්දු කඩුලු 3 ක්ද ශනුක්ල ගලගොඩ සහ සයුර සිල්වා කඩුලු 2 බැගින් දවාගනිමින් වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

වාද්දුව ම.ම.විද්‍යාලය - ඕවර 39.3 කදී සියලුදෙනා දැවී 118
(රුචිර පෝෂිත 31, දනුජ රුක්ෂාන් 29, ශාන් ප්‍රනාන්දු 11/3, ශනුක්ල ගලගොඩ 14/2, සයුර සිල්වා 21/2)

ශා.පීතර විද්‍යාලය- ඕවර 45.1 කදී කඩුලු 9 ක් දැවී 119
(ඊතන් ප්‍රනාන්දු 20, දනුජ රුක්ෂාන් 39/3)


අදහස් (0)

ශා.පීතර ‘බී’ කණ්ඩායමට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.