අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය අද (14 වැනිදා) සමත්විය.
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා පැවැති තරගයකදී කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබාගැනීමට ශාන්ත ජෝසප් විද්‍යාලය සමත්විය.
ජොහාන් ද සිල්වා (51) අර්ධ ශතකයක් ලබාගනිමින් ශාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සහිරා විද්‍යාලය - ඕවර 41.1 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(මොහොමඞ් ශමාස් 64, එම්.ශාදුල්ලා 37, දිල්ශාන් ශමින්ද 35, අෂීන් ඩැනියෙල් 13/3, ශෙවොන් ඩැනියල් 07/2, ලක්ෂාන් ගමගේ 38/2)
ශා.ජෝසප් විද්‍යාලය - ඕවර 31 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 166
(ජොහාන් ද සිල්වා 51, ශෙරාන් ෆොන්සේකා 32, ශෙවොන් ඩැනියෙල් 25, දිනෙත් ජයකොඩි 22, එම්.රිසාඞ් 36/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.