Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.ඇලවීෂියස් විදුහලට කඩුලු 9 ක ජයක්

ශා.ඇලවීෂියස් විදුහලට කඩුලු 9 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලය සමත්විය. මෙම තරගය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගාල්ල ශාන්ත ඇලවිෂියස් විද්‍යාලයේ කවික දිල්ශාන් ලකුණු 44 කට කඩුලු 11 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශා. මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(එම්. වලිසිංහ 26, කවික දිල්ශාන් 12/4, කවීශ විලෝචන 15/2, කවිඳු මදුරංග 16/2)

ශා. ඇලවිෂියස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 59.2 කදී සියලුදෙනා දැවී ලකුණු 145
(නිලුක්ෂ දිල්මිණ 85, ඔමාල් සජිත් 22, කවික දිල්ශාන් 20, ටී.කුමාර 43/5, සජීව ජයමාල් 30/3, ඩි. පෙතියාගොඩ 30/2)

ශා. මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38.1 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(ටී.කුමාර 22, සුජිත් කුමාර 22, කවික දිල්ශාන් 32/7, රවිඳු සංජන 24/3)

ශා. ඇලවිෂියස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 10.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 70
(රවිඳු සංජන නොදැවී 39, සංදීප චමෝද් නොදැවී 29)

 


අදහස් (0)

ශා.ඇලවීෂියස් විදුහලට කඩුලු 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.