තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකදී තර්ස්ටන් විදුහල පරදවා කඩුලූ 9 ක ජයක් වාර්තා කිරීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත්විය.
තරගය ජය ගැනීම සඳහා අවශ්‍යවූ ලකුණු 69, එක් කඩුල්ලක් පමණක් දැවී ලබාගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහලේ පිතිකරුවෝ සමත්වූහ.
තර්ස්ටන් විදුහලේ දෙවැනි ඉනිමේ කඩුලූ 3 ක් ලකුණු 9 කට දවාගත් සංගීත් කුරේ, නොදැවී ලකුණු 23 ක් රැස්කරමින් තරගය අවසන් වන තුරුම කඩුල්ලේ රැදීසිටියේය.
තර්ස්ටන් විදුහලේ මින්හාජ් ජලීල් ලකුණු 31 කට කඩුලූ 5 ක් දාවාලමින් සහ ලකුණු 55 ක් රැස්කරමින් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වීමට සමත්වූවත්, තම කණ්ඩායම පරාජයෙන් ගලවාගැනීම සඳහා ඔහුට එය ප‍්‍රමාණවත් නොවීය.
තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලූදෙනා 106
(තිමිර ජයසිංහ 21, අර්ජුන ගුණවර්ධන 19, ශාන් ප‍්‍රනාන්දු 15/4, කුසල් ලක්තිළිණ 28/2)
ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 61.3 කදී සියලූදෙනා දැවී 150
(සංගීත් කුරේ 25, කුසල් ලක්තිළිණ 47, ශාන් ප‍්‍රනාන්දු 20, මින්හාජ් ජලීල් 31/5, අචින්ත කල්පන 19/3)
තර්ස්ටන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 49.4 කදී සියලූදෙනා 113
(මින්හාජ් ජලීල් 55, සංගීත් කුරේ 9/3, කුසල් ලක්තිළිණ 13/2, ඉසුරු මෙන්ඩිස් 20/2)
ශාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 12 කදී එක් කඩුල්ලකට 70
(ලූක් ජයවර්ධන 42, සංගීත් කුරේ නොදැවී 23)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.