Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සෙබස්තියන් සාර්ථක පිළිතුරකට සැරසෙයි

ශා. සෙබස්තියන් සාර්ථක පිළිතුරකට සැරසෙයි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී අද (9 වැනිදා) ආරම්භවූ තරගයකදී කොළඹ තර්ස්ටන් විදුහලේ පළමු ඉනිම ලකුණු 106 කට සීමා කිරීමට මොරටුව ශාන්ත සෙබස්තියන් පන්දුයවන්නෝ සමත්වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශාන් ප‍්‍රනාන්දු ලකුණු 15 කට කඩුලූ 4 ක් දවාගත්තේය.

වර්ෂාව නිසා තරගය නියමිත වේලාවට පෙර නිමා කිරීමට සිදුවූ අතර අද දිනය අවසානයේ සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත සෙබස්තියන් විදුහල කඩුලූ 4 ක් දැවී ලකුනු 71 ක් ලබා සිටියේය.

පන්දු යැවීමේදී ලකුණු 28 තර්ස්ටන් විදුහලේ කඩුලූ 2 ක් දවාගත් කුසල් ලක්තිළිණ, දිනය නිමාවන විට ලකුණු 20 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදීසිටියේය.

 

තර්ස්ටන් විදුහල පළමු ඉනිම -  ඕවර 45.1 කදී සියලූදෙනා දැවී ලකුණු 106
(තිමිර ජයසිංහ 21, අර්ජුන ගුණවර්ධන 19, ශාන් ප‍්‍රනාන්දු 15/4, කුසල් ලක්තිළිණ 28/2)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම -  ඕවර 28.2 කදී කඩුලූ 4 කට 71
(සංගීත් කුරේ 28, කුසල් ලක්තිළිණ නොදැවී 20, අචින්ත කල්පන 14/2)


- 036

 


අදහස් (0)

ශා. සෙබස්තියන් සාර්ථක පිළිතුරකට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.