අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පල්ලෙකැළේදී පැවැති තරගය වර්ෂාව නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහනුවර විද්‍යාර්ථ විදුහලේ වමත් දඟ පන්දු යවන කී‍්‍රඩක චානක රත්නායක, ලකුණු 45 කට කඩුලූ 7 ක් දවාගනිමින් ශාන්ත මරියා පළමු ඉනිම සුනුවිසුණු කර දැමුවේය.
තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි මහනුවර විද්‍යාර්ථ විදුහල, කඩුලූ 8 ක් දැවී ලකුණු 79 ක් ලබා සිටියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත මරියා විදුහල ඕවර 50.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 167 ක් ලබාගත් අතර ගජිත කොටුවෙගෙදර ලකුණු 81 ක් රැක්කරමින් එහිදී පිත්තෙන් දස්කම් දැක්වීය.
ශාන්ත මරියා විදුහල පළමු ඉනිම - ඕවර 50.2 කදී සියලූ දෙනා දැවී 167
(ගජිත කොටුවෙගෙදර 81, තිමිර සුපුන් 22, නුරාජ් රත්නායක 19, චානක රත්නායක 45/7)
විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලූ 8 ක් දැවී 79
(කවිෂ්ක උපනන්ද 14, තිමිර සුපුන් 23/3, මලිත් හේවාවිතාරණ 15/2, ලසිත් උඩගේ 15/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.