නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර දෙහිවලදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයෙන් කඩුලු 6 ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 53 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ කඩුලු 4 ත් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාෂ්වර හේරත් ලකුණු 8 කට කඩුලු 6 ක් දවාගත් අතර සවිරු පීරිස් ලකුණු 27 කට කඩුලු 4 ක් දවාගත්තේය.
	
	ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 23
	(ප්‍රභාෂ්වර හේරත් 08/6)
	ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 75
	(ළහිරු චේතක 44)
	ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 105
	(අයත් දිල්මිත 24, සවිරු පීරිස් 27/4, වෙනුජ සහන් 08/2)
	ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 57  
	(සනුක ගලගොඩ 20, රෝචන හංසක 12/3)
	
	- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.