අන්තර් පාසල් වයස් 19 න් පහළ සිංගර් කුසලාන විස්සයි20 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල සමත් විය.
ගාල්ල රිච්මන්ඞ් විදුහලට එරෙහිව ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (04 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 19 ක ජයක් අත්කර ගනිමින් කොළඹ ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයන්ට ඕවර 20 අවසානයේදී කඩුලූ 6 ක් දැවී රැුස්කිරීමට හැකිවූයේ ලකුණු 113 ක් පමණි.
කොළඹ ශාන්ත පීතර විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර දෙවන අවසන් පූර්ව තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැත්වෙයි.
ශා. පීතර විදුහල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 132
(මනිල්ක ද සිල්වා 42, හෂාන් වනසේකර 40, චන්දුල ජයමාන්න 18, වනිදු හසරංග 14/2, ටී. උදීශාන් 21/2, හෂාන් උමේන්ද්‍ර 46/2)
රිච්මන්ඞ් විදුහල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 113
(චරිත් අසලංක 33, ටී. අභිෂේක් නොදැවී 43, සදීෂ් පතිරණගේ 25/2*
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.