Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අද (05 වැනිදා) සමත් විය.
මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 31 ක ජයක් අත්කරගනිමින් ඉකුත් වසරේ අනුශූරයන් වූ ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය වේල්ස් කුමර විදුහලට ඕවර 17.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 113 ක් පමණි.
ශාන්ත පීතර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ විනූ මොහොට්ටි ලකුණු 16 කට කඩුලූ 4 ක් දවාගනිමින් වේල්ස් කුමර ඉනිම ලකුණු 113 කට සීමා කිරීමට පුරෝගාමී විය.
ශාන්ත පීතර විදුහල - ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 144
(හෂාන් වනසේකර 41, චන්දුල ජයමාන්න 25, මනෙල්ක ද සිල්වා නොදැවී 24, ලක්ෂිණ රොද්‍රිගූ 21, විනූ මොහොට්ටි 21, තිලාන් නිමේෂ් 26/3)
වේල්ස් කුමර විදුහල - ඕවර 17.4 කදී සියලූ දෙනා දැවී 113
(විෂ්ව චතුරංග 37, විහඟ වීරක්කොඩි 15, සනෝජ් ධර්ෂික 15, විනූ මොහොට්ටි 16/4, සදේෂ් පතිරණගේ 9/2, තනීෂ වීරකෝන් 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.