Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. පීතර විදුහල අ. පූර්ව වටයට

ශා. පීතර විදුහල අ. පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල සමත් විය.

ඉකුත් වසරේ ශූරයන් බවට පත්වූ මහනුවර ති‍්‍රත්ව විදුහලට එරෙහිව අසිගිරියේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ පන්දු 83 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය. මෙය ඔහු මෙවර තරග වාරයේදී ලබාගත් තෙවැනි ශතකයයි.

හෂාන් වනසේකර (84), මනිල්ක ද සිල්වා (83) සහ රන්මිත් ජයසේන (53) ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර නුෂාන් වීරසිංහ (87) දිලාන් ජයලත් (76) ති‍්‍රත්ව විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.


ශාන්ත පීතර විදුහල පළමු ඉනිම -  ඕවර 88 කදී කඩුලූ 7 ක් දැවී 407
(හෂාන් වනසේකර 84, මනිල්ක ද සිල්වා 83, රන්මිත් ජයසේන 53, ඉනේෂ් ප‍්‍රනාන්දු 42, අනිෂ්ක පෙරේරා 36, ශනෝගීත් ශන්මුගනාදන් 56/2, තිසරු දිල්ෂාන් 59/2)

ති‍්‍රත්ව විදුහල පළමු ඉනිම - ඕවර 52.3 කදී සියලූ දෙනා දැවී 210
(නුෂාන් වීරසිංහ 87, දිලාන් ජයලත් 76, රවිඳු සිල්වා 34/4, රන්දිල් සෙනෙවිරත්න 48/3, තනීෂ වීරකෝන් 57/3)

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම -  ඕවර 33.2 කදී කඩුලූ 3 ක් දැවී 198
(ලක්ෂිණ රොද්‍රිගූ නොදැවී 102, අනිෂ්ක පෙරේරා 34, රන්මිත් ජයසේන නොදැවී 22, ඉනේෂ් ප‍්‍රනාන්දු 19)

 


අදහස් (0)

ශා. පීතර විදුහල අ. පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.