Last Update  :  2025-12-29 15:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. පීතර කඩුලූ 5 ට 337

ශා. පීතර කඩුලූ 5 ට 337

ශනුක අරවින්ද - 2014 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජනිත් ලියනගේගේ ශතකය නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව මොරටුවේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය වන අද (16 වැනිදා) දිනය නිමා වනවිට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 337 ක් ලබාගත්තේය.

පන්දු 144 කදී වාර්තාවූ ජනිත්ගේ ලකුණු 145 ට හයේ පහර 8 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත්විය.

දිනෙත් තිමෝද්‍ය (66) සහ සවීන් ගුණසේකර (47) තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 337 ක් දක්වා ඔසවා තැබීමට ජනිත්ට අගනා සහයක් දුන්හ.

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 67.3 කදී කඩුලූ 5 කට 337
(දිනෙත් තිමෝද්‍ය 66, සවීන් ගුණසේකර 47, ජනිත් ලියනගේ 145, සංජුල මධුෂාන් 26, කාවින්ද ද තිසේරා 21, සංගීත් කුරේ 62/3)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම -  ඕවර  ඕවර 13 කදී කිසිවකු නොදැවී 22

-036


අදහස් (0)

ශා. පීතර කඩුලූ 5 ට 337

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.