Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ජෝෂප් වාස් මුල් ඉනිම ජයගනී

ශා. ජෝෂප් වාස් මුල් ඉනිම ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සඳලංකාව මැදි විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල අතර සඳලංකාව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

එහිදී සඳලංකාව මැදි විදුහල වෙනුවෙන් ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගැනීමට අෂේන් සංදීප (50 සහ 52) සමත් වූ අතර අචින්ත දේෂාන් (53), ශාන්ත ජෝෂප් වාස් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.

ශාන්ත ජෝෂප් වාස් විදුහලේ කාවින්ද ලියනපතිරණ ඉනිම් දෙකේදීම ලකුණු 52 කට කඩුලු 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


සඳලංකාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 60.1 කදී සියලු දෙනා දැවී 110
(අෂේන් සංදීප 50, කාවින්ද ලියනපතිරණ 22/4, අසින්ත දේෂාන් 16/2, චමත් යසෝහාර 20/2)

ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 7 ක් දැවී 210
(අචින්ත දේෂාන් 53, විෂ්ව රාජපක්ෂ 32, අවිෂ්ක පෙරේරා 29, මෙනූෂ පෙරේරා 23, නෙත්මාල් ද සොයිසා 22, දිනූෂ ප්‍රනාන්දු 21, තාරුක දිල්ෂාන් 93/3)

සඳලංකාව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 16 කදී කඩුලු 3 ක් දැවී 72
(අෂේන් සංදීප නොදැවී 52, කාවින්ද ලියනපතිරණ 30/2)

 


අදහස් (0)

ශා. ජෝෂප් වාස් මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.