Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ජෝෂප් - ශා. පීතර අපරාජිතව එති

ශා. ජෝෂප් - ශා. පීතර අපරාජිතව එති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර 80 වැනි වරටත් පැවැත්වෙන ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ හෙට සහ අනිද්දා (7 සහ 8) පී. සරවනමුත්තු ( ඕවල්) ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ වසරේදී ශාන්ත ජෝශප් විදුහල් පිලේ නායකයා ලෙස ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ කටයුතු කරන අතර කාවින්ද ද තිසේරා, ශාන්ත පීතර විදුහල් පිලේ නායකයා ලෙස කටයුතු කරයි.

ශාන්ත ජෝශප් විදුහල මෙම තරගවාරයේ තරග 15 කට සහභාගි වී කොළඹ ඞී. එස්. සේනානායක විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීය. සෙසු සියලූම තරග ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන උප නායක සධීර සමරවික‍්‍රම සහ ප‍්‍රියමාල් පෙරේරා මෙවර ශාන්ත ජෝශප් විදුහල් පිලේ ප‍්‍රබලතම ක‍්‍රීඩකයන් දෙස හැදින්විය හැකිය. ශ්‍රී ලංකා පිලේ පුහුණු සහ තරග හේතුවෙන් එම ක‍්‍රීඩකයන් දෙදෙනාට පාසල් තරග වැඩි සංඛ්‍යාවකට සහභාගි වීමේ අවස්ථාව අහිමිවිය.

මෙම තරගවාරයේ ශාන්ත ජෝශප් විදුහලේ වැඩිම ලකුණු ලාභියා වන වමත් ආරම්භක පිතිකරු නායක ඩිලන් ප‍්‍රනාන්දුපුලේලේ තරග 15 කදී අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 659 ක් රැස්කර තිබේ. ඊට අමතරව පැතුම් මධුසංඛ (439), දුරාන් ද අල්විස් (437) සහ කල්ප රවිහාර (291) පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්ව සිටිති.

වමතින් පා දඟ පන්දු යවන අරවින්ද අතුකෝරළ තරග 13 කදී කඩුලූ 40 ක් දවා ගනිමින් මෙම තරගවාරයේ ශාන්ත ජෝශප් විදුහලේ වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. වමතින් පා දඟ පන්දු යවන මල්ෂාන් රොද්‍රිගු (29) සහ පිට දඟ පන්දු යවන හෂීන්ද්‍ර පෙරේරා (29) පන්දුවෙන් දස්කම් දැක්වූ සෙසු පන්දු යවන්නෝ වෙති.

ශාන්ත පීතර විදුහල මෙවර පාසල් කි‍්‍රකට් වාරයේදී තරග 17 කට සහභාගි වී ඇති අතර කඳාන ද මැසනඞ් විදුහලට සහ ඉසිපතන විදුහලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කර ඇත. සෙසු තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීම නිසා ශාන්ත පීතර පිල අපරාජිතව සිටී.

ශාන්ත පීතර විදුහල් පිලේ ප‍්‍රබලතම පිතිකරු වන දිනිත් තිමෝද්‍ය මෙම තරගවාරයේදී ලකුණු 1015 ක් රැස් කිරීමට සමත්ව සිටියි. නායක කාවින්ද ද තිසේරා සහ ජනිත් ලියනගේ ලකුණු 800 බැගින් රැුස් කරමින් ශාන්ත පීතර විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරති.

මෙවර ශාන්ත පීතර විදුහලේ ප‍්‍රබලතම පන්දු යවන්නා වන වමතින් පා දඟ පන්දු යවන සහන් නානායක්කාර කඩුලූ 88 ක් දවා ගැනීමට සමත්ව සිටියි. පිට දඟ පන්දු යවන විනූ මොහොට්ටි සහ වමතින් වේග පන්දු යවන චෙමිල ඔබේසේකර ශාන්ත පීතර විදුහල් පන්දු යැවීමේ බලෑනිය ශක්තිමත් කරන සෙසු ප‍්‍රබල පන්දු වන්නෝ වෙති.  

දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති මහා ක‍්‍රිකට් තරග 79 දී ශාන්ත ජෝශප් විද්‍යාලය තරග 12 ක් ජය ලබා ඇති අතර ශාන්ත පීතර විද්‍යාලය තරග 09 ක් ජය ලැබීමට සමත්ව තිබේ. ඉතිරි තරග 57 විසදුමකින් තොරව නිමවී තිබේ. ශාන්ත ජෝශප් විදුහල රුවන්ත ප‍්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙන් 2008 වසරේ අවසන් වරට ජය ලැබූ අතර ශාන්ත පීතර විදුහල 2012 වසරේ ෂෙහාන් ප‍්‍රනාන්දුගේ නායකත්වයෙන් ජය ලැබීය.

දෙවිදුහල් අතර 40 වැනි වාර්ෂික සීමිත  ඕවර ක‍්‍රිකට් තරගය මේ මස 15 වැනිදා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේදී පැවැත්වේ.

ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම:


ඉදිරි පෙළ වමේ සිට: දිල්රුක් නිලන්ත මහතා (අභ්‍යාසක), ප‍්‍රසන්න රණවීර මහතා (පළමු පෙළ කණ්ඩායම් බාර ආචාර්ය), අනුර තෙන්නකෝන් මහතා (ක‍්‍රිකට් අධ්‍යක්‍ෂ), ජනක දීගොඩගමගේ මහතා (ප‍්‍රධාන පුහුණුකරු), ඩිලන් ප‍්‍රනාන්දුපුල්ලේ (නායක), ටෙ‍්‍රවිස් ගේබි‍්‍රයල් පියතුමා (විදුහල්පති), සමිත් රංගන පියතුමා (ක‍්‍රීඩා බාර ආචාර්ය), ෆාබියන් ප‍්‍රනාන්දු මහතා, ප‍්‍රියන්ත කුරේ මහතා (දෙවැනි පෙළ කණ්ඩායම් බාර ආචාර්ය), කපිල මනෝහර මහතා (දෙවැනි පෙළ කණ්ඩායම් පුහුණුකරු) සහ තිළිණ ජයවීර මහතා (සහාය අභ්‍යාසක)

දෙවැනි පෙල වමේ සිට: ශම්මි සෙනෙවිරත්න, ටි‍්‍රෂාන් තනුජ, සුරේන් ද සිල්වා, මල්ෂාන් රොද්‍රිගු, පැතුම් මධුසංඛ, විමුක්ති පීරිස්, දුරන් ද අල්විස්, සඳරුවන් රොද්‍රිගු, අරවින්ද අකුරුගොඩ, හෂින්ද්‍ර පෙරේරා, නිර්වන අබේසේකර, බ‍්‍රයන් ප‍්‍රනීත්, යෂාන් සමරසිංහ සහ කල්ප රවිහර
(ප‍්‍රියමාල් පෙරේරා - උප නායක සහ සධීර සමරවික‍්‍රම ඡුායාරූපයේ නැත)

ශාන්ත පීතර විදුහල් කණ්ඩායම:


ඉදිරි පෙළ වමේ සිට: කිටෝ ප‍්‍රනාන්දුපුල්ලේ මහතා (සහාය පුහුණුකරු), පියාල් සල්ගාදු මහතා (සහාය පුහුණුකරු), සනත් චින්තක මහතා (ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් බාර ආචාර්ය), ලක්මින් ප‍්‍රසංග සිල්වා (ක‍්‍රිකට් බාර ආචාර්ය), කාවින්ද ද තිසේරා (නායක), ටෙ‍්‍රවෝ මාටින් පියතුමා (විදුහල්පති), ජනිත් ලියනගේ (උප නායක), කීර්ති ගුණරත්න මහතා (ප‍්‍රධාන පුහුණුකරු), වසන්ත හපුතන්ත‍්‍රි මහතා (කනිෂ්ඨ ක‍්‍රිකට් බාර ආචාර්ය), ශානක ප‍්‍රනාන්දු මහතා (පන්දු රැකීමේ පුහුණුකරු) සහ මහේෂ් ද සිල්වා මහතා (කළමණාකරු)

මැද පෙළ වමේ සිට: ඔෂාන් කරුණාරත්න, නවීන් දර්ශන, චෙමිල ඔබේසේකර, සවීන් ගුණසේකර, විනූ මොහොට්ටි, සහන් නානායක්කාර, සචින් දල්පදාදු, දිනිත් තිමෝද්‍ය, චන්දුල ජයමාන්න, සංජුල මධුෂාන්

තෙවැනි පෙළ වමේ සිට: දිදුලන මෙන්ඩිස්, හෂාන් වනසේකර, මනෙල්ක ද සිල්වා, ලක්‍ෂින රොද්‍රිගු සහ ටනීෂ වීරකෝන්


අදහස් (0)

ශා. ජෝෂප් - ශා. පීතර අපරාජිතව එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.