Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ජෝන් ඉනිමක පරාජයකින් ගැලවීමේ සටනක

ශා. ජෝන් ඉනිමක පරාජයකින් ගැලවීමේ සටනක

editorial - 2023 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

යාපනය මැදි විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 160 වැනි ‘උතුරු සටන’ මහ ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත ජෝන් විදුහල කඩුලු 2 ක් දැවී ලකුණු 63 ක් ලබා සිටියේය.

ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 152 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදී සිටින ශාන්ත ජෝන් ක්‍රීඩකයෝ, දෙවැනි දිනය අවසානයේ තවත් කඩුලු 8 ක් ඇතැතිව ලකුණු 89 ක් පසුපසින් සිටිති. තරගය නතර කරන විට නේසකුමාර් ජෙසියල් නොදැවී ලකුණු 25 ක් ලබා කඩුල්ලේ රැදී සිටියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය මැදි විදුහල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 279 ක් රැස්කළේය. එහිදී දක්ෂ පිතිහරඹයන්හි නිරත වූ නිෂාන්තන් අජේ ලකුණු 74 ක්ද, ජගදීෂ්වරන් විතූසන් ලකුණු 71 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ජෝන් විදුහලට යාපනය මැදි විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි. එහිදී රංජිත්කුමාර් නිව්ටන් ලකුණු 27 කට කඩුලු 4 ක්ද, අනන්තන් කාජන් ලකුණු 8 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


යාපනය මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 66.2 කදී සියලු දෙනා දැවී 279
(නිෂාන්තන් අජේ 74, ජෙගතීස්වරන් විතූසන් 71, මතීස්වරන් සන්සායන් 42, සුතර්ෂන් අනුෂාන්ත් 27, යොගදාස් විතුෂන් 70/4, ඇන්ටන් අභිෂේක් 67/3, කිරුපනන්තන් කජකර්නාන් 38/2)

ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 127
(නේසකුමාර් ජෙසියල් 43, කමලපලන් සබේසන් 34, රංජිත්කුමාර් නිව්ටන් 27/4, අනන්තන් කාජන් 08/3, සුතර්ෂන් අනුෂාන්ත් 62/2)

ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 2 ක් දැවී 63
(නේසකුමාර් ජෙසියල් නොදැවී 25, වික්නේස්වරන් පරූති 21/2)

 


අදහස් (0)

ශා. ජෝන් ඉනිමක පරාජයකින් ගැලවීමේ සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.