Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. ඇලවීෂියස් විදුහල අවසන් මහ තරගයට

ශා. ඇලවීෂියස් විදුහල අවසන් මහ තරගයට

ශනුක අරවින්ද - 2016 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල අද (05 වැනිදා)සමත් විය.

මහනුවර ති‍්‍රත්ව විදුහලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කරගනිමින් ශාන්ත ඇලවීෂියස් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 108 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ඇලවීෂියස් විදුහල පන්දු 7 ක් ඉතිරිව තිබියදී කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.  

ශාන්ත ඇලවීෂියස් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ සජිත් සංකල්ප ලකුණු 13 කට කඩුලූ 4 ක් දවාගනිමින් ති‍්‍රත්ව විදුහල් ඉනිම ලකුණු 107 කට සීමා කිරීමට දායක විය.

ති‍්‍රත්ව විදුහල -  ඕවර 20 කදී සියලූ දෙනා දැවී 107   
(රවීන් සේයර් 25, සචිර ගාමින්ද 21, සජිත් සංකල්ප 13/4, නිලූක්ෂ දුල්මිණ 19/3)

ශාන්ත ඇලවීෂියස් විදුහල -  ඕවර 18.5 කදී කඩුලූ 3 ක් දැවී 108  
(ප‍්‍රබෝධ ගුරුගේ 44, අශේන් බණ්ඩාර නොදැවී 26, නිලූක්ෂ දුල්මිණ 19)

 


අදහස් (1)

ශා. ඇලවීෂියස් විදුහල අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.