කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර මාතලේදී පැවැති වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 95 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත අන්තෝනි විදුහල ඕවර 14.3 ක් අවසානයේ කඩුලූ 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
එහිදී ලකුණු 17 කට කඩුලූ 5 ක් දවාගනිමින් ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීමට ගයාන් සමරසිංහ සමත් විය.
ශාන්ත තෝමස් විදුහල - ඕවර 26.3 කදී සියලූ දෙනා දැවී 94
(චානක රාජපක්ෂ 20, ගයාන් සමරසිංහ 17/5)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 14.3 කදී කඩුලූ 2 ක් දැවී 95
(ලසිත් වැරැල්ලගම 47, මෙහොමඞ් රුක්ෂාන් 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.