ශම්සුල් මුනීර්ගේ සහ අශාන් රුක්මාල්ගේ දක්ෂ පන්දු යැවීම නිසා පිළියන්දලදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් පිළියන්දල මැදි විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 116 ක් ජයක් වාර්තා කිරීමට ශාන්ත අන්තෝනි විදුහලට හැකිවිය.
පළමු ඉනිමේදී ලකුණු 101 කට දැවී යාම හේතුවෙන් ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 195 ක් ලබාගත යුතු වූ නමුත් පිළියන්දල මැදි විදුහලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 78 ක් පමණි.
එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ දකුණතින් පිට දඟ පන්දුයවන කී‍්‍රඩක ශම්සුල් මුනීර් ලකුණු 58 කට කඩුලූ 9 ක් දවාගනිමින් පිළියන්දල මැදි විදුහල පරාජයේ අගාධයට ඇද දැම්මේය. අශාන් රුක්මාල් ලකුණු 67 කට කඩුලූ 8 ක් දවාගනිමින් ශම්සුල්ට මනා සහයක් ලබාදුන්නේය. තරගයේදී වාර්තාවූ එකම අර්ධ ශතකයට (65) හිමිකම් කීමට ශාන්ත අන්තෝනි විදුහලේ ජෙකොබ් සචින් සමත්විය.
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 70.4 කදී සියලූදෙනා දැවී 295
(ජෙකොබ් සචින් 65, ආසිරි වගීෂ 43, ශවාන් ප‍්‍රභාෂ් 45, චරිත් බුද්ධික 44, ශාමල් උඩවත්ත 34, තරංග අමිලදර 110/4, තරිඳු ගීත් 14/2, වසිත විමුක්ති 47/2)
පිළියන්දල මැදි විදුහල පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලූදෙනා දැවී 101
(ගිම්හාන ධනුෂ්ක 21, තරිඳු ගීත් 15, අශාන් රුක්මාල් 32/4, ශම්සුල් මුනීර් 26/3, චරිත් බුද්ධික 13/2)
පිළියන්දල මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 24.5 කදී සියලූදෙනා දැවී 78
(අන්ජු කොලියෙට් 25, ශම්සුල් මුනීර් 32/6, අශාන් රුක්මාල් 35/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.