Last Update  :  2024-05-08 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවේ 4කට අයි.පී.එල්. මඟ හැරෙයි

ශ්‍රී ලංකාවේ 4කට අයි.පී.එල්. මඟ හැරෙයි

editorial - 2024 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විවිධ ආබාධ තත්වයන්ට ලක්ව සිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුෂංක සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයන්ට මෙවර අයි.පී.ල්. තරගාවලියේ මුල් කොටසේ තරගවලට සහභාගි වීමේ අවස්ථාව අහිමිවනු ඇතැයි වාර්තා වේ. 

මෙම ක්‍රීඩකයන් තවමන් ඔවුන් ලක්ව සිටින ආබාධ තත්වයන්ගෙන් පූර්ණ වශයෙන් සුවය ලබා නොමැති අතර එළබෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ආරාක්ෂා කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ට අයි.පී.එල්. තරගාවලියේ මුල් කොටසට සහභාගි වීම සඳහා අවසර ලබා නොදීමට පියවර ගෙන ඇතැයිද එහිදී වැඩි දුරටත් දැනගන්නට ලැබේ.

වනිඳු හසරංග මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම සමග බංග්ලාදේශයේ රැදී සිටින අතර මතීෂ, චමීර සහ ඩිල්ෂාන් මෙරටදී සිය ආබාධ තත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටියි. මෙවර තරගාවලියේදී වනිදු සන්රයිසස් හයිද්‍රාබාද් පිලටද, මතීෂ චෙන්නායි සුපර් කිංග්ස් පිලටද, චමීර කොල්කටා නයිට්රයිඩර්ස් පිලටද, ඩිල්ෂාන් මුම්බායි ඉන්දියන්ස් පිලටද ක්‍රීඩා කිරීමට නියමිතව සිටියහ. 

ඒ අනුව මෙවර අයි.පී.එල්. තරගාවලියේ මුල් කොටසට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව 2 ක් දක්වා අඩු වන අතර එහිදී මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් පිලටද, නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් පිලටද ක්‍රීඩා කිරීමට සූදානමින් සිටිති. 


-036 


අදහස් (0)

ශ්‍රී ලංකාවේ 4කට අයි.පී.එල්. මඟ හැරෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.