
බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12 වැනිදා) පැවැති පෙරහුරු තරගයකදී දුනිත් වෙල්ලාගේ ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ කැපී පෙණුන දක්ෂතා හමුවේ උගන්ඩා යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 231 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 278 ක ඉලක්කයක් හඹාගිය උගන්ඩා යොවුන් කණ්ඩායම ඕවර 21.2 ක් අවසානයේ ලකුණු 46 කට සීමා කිරීමට නායක වෙල්ලාගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වෙල්ලාලගේ තමා යැවූ ඕවර 3 ම ලකුණු ඕවර බවට පත්කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේය.
උගන්ඩා යොවුන් කණ්ඩායමේ පිතිකරුවන් තිදෙනෙක්ම ලකුණු ලබාගැනීමටත් පෙර පිටියෙන් ඉවත් කළ වෙල්ලාලගේ, සෙසු පිතිකරුවන් 8 දෙනාගෙන් 6 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමට පෙර ආපසු ක්‍රීඩාගාරයට යැවීම සඳහා සිය පන්දු යවන්නන් මනා ලෙස යොදාගත්තේය. එහිදී චමිඳු වික්‍රමසිංහ සහ යසිරු රොද්‍රිගූ කඩුලු 2 බැගින් දවාගනිම්න් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 0 දී බිඳවැටුණද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ෂෙවෝන් ඩැනියෙල් (46) සහ සදිෂ රාජපක්ෂ (75) සමත් වූහ. අර්ධ ශතකය පෙනි පෙනී සිටියදී දෙවැනි කඩුල්ල ලෙස ෂෙවොන් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
පන්දු 46 කදී වාර්තා වූ ෂෙවෝන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 90 කදී හතරේ පහර 9 ක් සමග ලකුණු රැස්කළ සදිෂ, සෙසු පිතිකරුවන්ට පන්දුවට පහරදීමේ අවස්ථාව සලසා දෙමින් පිටියෙන් ඉවත්ව ගියේය. සකුණ ලියනගේ පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක්ද, යසිරු රොද්‍රිගූ පන්දු 34 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 32 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
036



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.