Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ පාකිස්තානයට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (9 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව, ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව අවසන් මහ තරගයට පිවිසීමේ අවස්ථාව උදාකර ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දු 18 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
එහිදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී ලබාගත් අර්ධ ශතකයට නොදෙවෙනි අර්ධ ශතකයක් ලබාගත් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 55 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. නායක දසුන් ශානක (21) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 30 කදී පැතුම් ගොඩනැගූ ලකුණු 33 ක සම්බන්ධතාවද ජයග්‍රහණය සඳහා බෙහෙවින්ම ඉවහල් විය.
පළමු ඕවරයේ දෙවැනි පන්දුවේදී කුසල් මෙන්ඩිස්ද, දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ධනුෂ්ක ගුණතිලකත් ලකුණු නොළබා දැවී යෑමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භයේදීම තරමක් පීඩනයට පත් විය. සිවුවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වාද ලකුණු 9 කට දැවී යෑමෙන් එම පීඩනය තවත් වැඩි විය. කෙසේ වුවත් භානුක රාජපක්ෂ (24) පිටියට පිවිසීමත් සමග ක්‍රම ක්‍රමෙයන් එම පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසින් පාකිස්තාන කණ්ඩායමට මාරු විය.
පැතුම් නිස්සංක සමග එක් වූ භානුක, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. උස්මාන් කාදර්ගේ පන්දුවක් හමුවේ ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි හාරිස් රවුෆ් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 19 කට මුහුණදී සිටි භානුකගේ ඉනිම හයේ පහර 2 කින් සමන්විත වී තිබිණ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානයට වනිඳු හසරංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 19.1 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසංග ලකුණු 21 කට කඩුලු 3 ක් බිඳහෙළූ අතර මහීෂ් තීක්ෂණ සහ ප්‍රමෝද් මධුෂාන් කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා වනිඳුට අනගි සහායක් දුන්හ.
සිය මංගල විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ ප්‍රමෝද් මධුෂාන්, තමා යැවූ තෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් (14) දවාගනිමින් පාකිස්තාන පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 28 කට සීමා කළේය. අවසන් ඕවරයේ පළමු පන්දුවේදීම හාර්ස් රවුෆ්ද පිටියෙන් ඉවත් කළ මධුෂාන්, පාකිස්තාන ඉනිම ලකුණු 121 කට සීමා කළේය. මෙවර තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය විය.
නායක බාබර් අසාම් (30) සමග එක්ව දෙවැනි කඩුල්ල සඳහා අගනා සම්බන්ධතාවක් ගෙඩනගමින් සිටි ෆකාර් සමාන් (13), චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ අපර් කට් පහරක් ගැසීමට යෑමේදී ස්වීපර් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය. එතැන් පටන් ලකුණු පුවරුවට තවත් ලකුණුු 5 ක් එක්වන විට වනිඳුගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් අසාම්ද පිටියෙන් ඉවත්ව ගියේ පාකිස්තාන කණ්ඩායම අසීරු තත්ත්වයකට ඇද දමමිනි.
උප නායක චරිත් අසලංක වෙනුවට කණ්ඩායමට පැමිණි ධනංජය ද සිල්වා සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කුෂ්දිල් ෂාගේ කඩුල්ලද දවාගැනීමට සමත් විය. එහිදී ඔහු යැවූ පන්දු 24 න් 8 ක්ම නැතහොත් තුනනෙන් එකක්ම නිලකුණු පන්දු විය. තමාගේ අවසන් ඕවරය යැවීම සඳහා 15 වැනි ඕවරයේදී පන්දුව අතට ගත් වනිඳු එහි පස්වැනි සහ අවසන් පන්දු දෙක ගුග්ලි පන්දු දෙකක් ලෙස යොමුකරමින් ඉෆ්තිකාර් අහමඩ්ගේ සහ අසීෆ් අලීගේ කඩුලු බිඳ දැමුවේය.
පාකිස්තාන පසුපෙළ පිතිකරුවන්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොදුන් මහීෂ් තීක්ෂණ, උස්මාන් කාදර් සහ හාරිස් රවුෆ් පිළිවෙලින් ලකුණු 3 ක් සහ 1 ක් බැගින් ලබා සිටියදී ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැව්වේය. මොහොමඩ් නවාස් පන්දු 18 කදී හයේ පර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක් රැස්කළද, දක්ෂ පන්දු රැකීමක මෙන්ම පන්දු යොමුකිරීමකද නිරත වූ වනිඳු ඔහුව දුවද්දී දවාගැනීමකට හසුකර ගත්තේය.
පාකිස්තානය
මොහොමඩ් රිස්වාන් - ඇ.මෙන්ඩිස් ප.මධුෂාන් 14
බාබර් අසාම් - ප.හසරංග 30
ෆකාර් සමාන් - ඇ.හසරංග ප.කරුණාරත්න 13
ඉෆ්තිකර් අහමඩ් - ප.හසරංග 13
කුෂ්දිල් ෂා - ඇ.නිස්සංක ප.ධනංජය 4
මොහොමඩ් නවාස් - දුවද්දී දැවී ගියා 26
අසීෆ් අලී - ප.හසරංග 0
හසන් අලී - ඇ.හසරංග ප.තීක්ෂණ 0
උස්මාන් කාදර් - ඇ.නිස්සංක ප.තීක්ෂණ 3
හාරිස් රවුෆ් - ඇ.ධනංජය ප.මධුෂාන් 1
මොහොමඩ් හස්නයින් - නොදැවී 0
අතිරේක 17
එකතුව ඕවර 19.1 කදී සියලු දෙනා දැවී 121
කඩුලු වැටීම :
1-28(රිස්වාන්), 2-63(සමාන්), 3-68(බාබර්), 4-82(කුෂ්දිල්), 5-91(ඉෆ්තිකාර්), 6-91(අසීෆ්), 7-95(අලී), 8-110(කාදර්), 9-121(නවාස්), 10-121(රවුෆ්)
පන්දු යැවීම
දිල්ෂාන් මධුෂංක 4-0-35-0, මහීෂ් තීක්ෂණ 4-0-21-2, ප්‍රමෝද් මධුෂාන් 2.1-0-21-2, ධනංජය ද සිල්වා 4-0-18-1, වනිඳු හසරංග 4-0-21-3, චාමික කරුණාරත්න 1-0-04-1
ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - නොදැවී 55
කුසල් මෙන්ඩිස් - ඇ.ඉෆ්තිකාර් ප.හස්නයින් 0
ධනුෂ්ක ගුණතිලක - ඇ.රිස්වාන් ප.රවුෆ් 0
ධනංජය ද සිල්වා - ඇ.අසාම් ප.රවුෆ් 9
භානුක රාජපක්ෂ - ඇ.රවුෆ් ප.කාදර් 24
දසුන් ශානක - ඇ.අලී. ප.හස්නයින් 21
වනිඳු හරසංග - නොදැවී 10
අතිරේක 5
එතකුව ඕවර 17 කදී කඩුලු 5 ක් දැවී 124
පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක සහ ප්‍රමෝද් මධුෂාන්
කඩුලු වැටීම :
1-01(කුසල්), 2-02(ධනුෂ්ක), 3-29(ධනංජය), 4-80(භානුක), 5-113(දසුන්)
පන්දු යැවීම :
මොහොමඩ් හස්නයින් 3-0-21-2, හාරිස් රවුෆ් 3-0-19-2, හසන් අලී 3-0-25-0, මොහොමඩ් නවාස් 4-0-21-0, උස්මාන් කාදර් 4-0-34-1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.