අන්තර් ජාතික කි‍්‍රකට් සභාව ඊයේ නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හත්වැනි තැනට පසුබැස ඇත. පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල හය වැනි ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවිය. ඒ අනුව ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ ටෙස්ට් කී‍්‍රඩා කරන රටවල් සහය අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව්. බංග්ලාදේශය හා සිම්බාබ්වේ යන රටවල් වලට පමණි.
නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පෙරමුණේ පසුවන අතර ඔස්ටේ්රලියානු කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවෙයි. පෙර ශ්‍රේණිගත කිරීමෙහිද ඔවුන් මෙම ස්ථානයෙහි පසු විය. කෙසේ නමුත් තෙවැනි හා සිවු වැනි ස්ථානවල පසුවූ පාකිස්තානු හා එංගලන්ත කණ්ඩායම් වලට එම ස්ථාන අහිමි වී ඇති අතර නවසීලන්තය හා ඉන්දියාව එම ස්ථාන වලට පැමිණ ඇත. නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව එංගලන්තය හා පාකිස්තානය පස් වැනි හා හය වැනි ස්ථාන වල පසුවෙයි.
මීට පෙර නවසීලන්තය පස් වැනි ස්ථානයේ පසුවූ අතර ඉන්දියාව පසුවූයේ ශ්‍රී ලංකාවටද පිටු පසින් හත් වැනි ස්ථානයේය. ඒ හැරුණුකොට සෙසු ස්ථාන වෙනසක් වී නොමැත.
පිතිකරුවන් අතුරින් කුමාර් සංගක්කාර තවමත් පෙරමුණේ පසුවන අතර හෂීමි අම්ලා සහ එ්. බී. ඩිවිලියස් දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවෙති. ඇන්ජෙලෝ මැතිව්ස් පස්වැනි ස්ථානයේ පසුවන අතර වෙනත් කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට පළමු දස දෙනා අතරට පැමිණීමට හැකිවී නොමැත.
පන්දු යවන්නන් අතුරින් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩක ඬේල් ස්ටේන් පළමු ස්ථානයේ පසුවෙන අතර පළමු දස දෙනා අතර පසුවෙන එකම ශ්‍රී ලංකා කී‍්‍රඩක රංගන හේරත්ට හිමිව ඇත්තේ සිවු වැනි ස්ථානයයි.
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම
1. දකුණු අප්‍රිකාව (130)
2. ඔස්ටේ්රලියාව (108)
3. නවසීලන්තය (99)
4. ඉන්දියාව (99)
5. එංගලක්තය (97)
6. පාකිස්තානය (97)
7. ශ්‍රී ලංකාව (96)
8. බ.ඉ. කොදෙව් (84)
9. බංග්ලාදේශය (39)
10. සිම්බාබ්වේ (05)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.