අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කාන්තා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරගාවලිය ආරම්භ කරමින් ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (15) පැවැති තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිල ලකුණු 125 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 39.2 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශෂිකලා සිරිවර්ධන පන්දු 72 කදී එක සහ දෙකේ ලකුණු එකතු කරමින් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින් ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් වූවාය.
ආබාධයකට ලක්ව සිටින නායිකා චමරි අතපත්තුගේ ස්ථානයට කණ්ඩායමට පැමිණි යශෝධා මෙන්ඩිස් මෙහිදී අවස්ථානුකූල ඉනිමක් ක‍්‍රීඩා කරමින් ලකුණු 27 ක් රැස් කළාය.
ශෂිකලා සිරිවර්ධන දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 30 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් වූවාය. මෙහිදී ශෂිකලා සිය 100 වැනි එක්දින ජාත්‍යන්තර කඩුල්ල ලෙස ශමිලියා කොන්නෙල් දවා ගත්තාය.
කොදෙව් පිලේ ඉහළතම ලකුණු ලාභිය වූ ස්ටෙෆෙනි ටේලර් පන්දු 70 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් රැස් කළාය.
දෙපිල අතර දෙවැනි එක්දින තරගය මේ මස 18 වැනිදා ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල
කීසියා නයිට් - ක. මූ. කළා ප. සිරිවර්ධන 28
හේලි මැතිව්ස් - ඇ. සමුදිකා ප. ශ්‍රීපාලි 11
ස්ටෙෆෙනි ටේලර් - දුවද්දී දැවී ගියා 43
ශිමෙනි කැම්බල් - ක. මූ. කළා ප. සිරිවර්ධන 5
ඩිනේන්ද්‍රා ඩොටි - ඇ. ලොකුසූරිය ප. රණවීර 9
මිරීසා අගුලෙයිරා - ස්ටම්ප් ප‍්‍රසාදිනී ප. රණවීර 13
ස්ටැසි ඈන් කිං - ඇ. මෙන්ඩිස් ප. සිරිවර්ධන 1
අනීෂා මොහොමඞ් - දුවද්දී දැවී ගියා 0
ට‍්‍රමයිනි ස්මාර්ට් - ඇ. මෙන්ඩිස් ප. සමුදිකා 3
ඇෆ්යි ෆ්ලෙචර් - ප. සමුදිකා 1
ශමිලියා කොන්නෙල් - ක. මූ. කළා ප. සිරිවර්ධන 0
අතිරේක 10
එකතුව ඕවර 42.3 කදී සියලූ දෙනා දැවී 124
කඩුලූ වැටීම:
1-27(හේලි මැතිව්ස්), 2-75(කීසියා), 3-95( කැම්බල්), 4-96(ටේලර්), 5-108(ඩොටි), 6-109(කිං), 7-110(මොහොමඞ්), 8-115(ස්මාර්ට්), 9-122(ෆ්ලෙචර්), 10-124(කොන්නෙල්)
පන්දු යැවීම:
ශ්‍රීපාලි වීරක්කොඩි: 10-2-25-1, ඒෂානි ලොකුසූරිය: 3-0-16-0, මධුරි සමුදිකා: 9-2-16-2, ශෂිකලා සිරිවර්ධන: 9.3-0-30-4, සුගන්දිකා කුමාරි: 4-1-6-0, ඉනෝකා රණවීර: 7-1-29-1
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල
ප‍්‍රසාදිනී වීරක්කොඩි - ඇ. ටේලර් ප. මොහොමඞ් 15
ලසන්ති මධුෂානී - ඇ. ටේලර් ප. ෆ්ලෙචර් 16
යශෝධා මෙන්ඩිස් - ඇ. අගුලෙයිරා ප. මැතිව්ස් 27
ඩිලානි මනෝදර - ස්ටම්ප් අගුලෙයිරා ප. මැතිව්ස් 9
ශෂිකලා සිරිවර්ධන - නොදැවී 42
චතුරානි ගුණවර්ධන - නොදැවී 9
අතිරේක 9
එකතුව ඕවර 39.2 කදී කඩුලූ 4 ක් දැවී 127
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
ඒෂානි ලොකුසූරිය, ශ්‍රීපාලි වීරක්කොඩි, මධුරි සමුදිකා, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි
කඩුලූ වැටීම:
1-36(ප‍්‍රසාදිනී), 2-46(මධුෂානි), 3-69(මනෝදර), 4-87(මෙන්ඩිස්)
පන්දු යැවීම:
ට‍්‍රමයිනි ස්මාර්ට්: 3-1-11-0, ශමිලියා කොන්නෙල්: 2-0-14-0, ඩිනේන්ද්‍රා ඩොටි: 1-0-6-0, අනීෂා මොහොමඞ්: 10-2-22-1, ස්ටෙෆෙනි ටේලර්: 5-0-19-0, ඇෆ්යි ෆ්ලෙචර්: 8-1-24-1, හේලි මැතිව්ස්: 8.2-0-24-1, ස්ටැසි ඈන් කිං: 2-0-7-1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.