නවසීලන්තය සහ බංග්ලාදේශය අතර ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් බංග්ලාදේශය ජයගැනීමත් සමගින් එක්දින ශ්‍රේණිගත කිරීම්හී හයවැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව හතවැනි ස්ථානය දක්වා පහත වැටුණේය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ශ්‍රී ලංකාවේදී පැවැති එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවූ පසුවද ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි නමුත් නවසීලන්තය පරාජය කිරීමට සමත් වීමත් සමගින් බංග්ලාදේශය ඉදිරියට ගියේය. ශ්‍රී ලංකාව මෙන්ම බංග්ලාදේශයද මේ වන විට ප්‍රසාද ලකුණු 93 ක් ලබා සිටින නමුත් දශම ස්ථානයට ගණනය කළ කල්හි බංග්ලාදේශය (93.3) ශ්‍රී ලංකාවට (92.8) වඩා ඉදිරියෙන් සිටී.
ශ්‍රී ලංකා පිලට වඩාත්ම තර්ජනය එල්ල වී ඇත්තේ මේ වන විට ප්‍රසාද ලකුණු 88 ක් හිමි පාකිස්තායෙනි. 2019 දී එංගලන්තයේදී පැවැතවෙන ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීමට නම් 2017 සැප්තැම්බර් 30 වැනිදා වන විට ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින්ම සිටින කණ්ඩායම් 7 ට ඇතුළත් විය යුතුය. එසේ නොවුණහොත් අනෙක් කණ්ඩායම් සමග සුදුසුකම් ලබාගැනීමේ තරගවලට සහභාගිවීමට ශ්‍රී ලංකා පිලට සිදුවෙයි.
| ස්ථානය | රට | ප්‍රසාද ලකුණු |
| 1 | දකුණු අප්‍රිකාව | 122 |
| 2 | ඕස්ට්‍රේලියාව | 118 |
| 3 | ඉන්දියාව | 117 |
| 4 | නවසීලන්තය | 114 |
| 5 | එංගලන්තය | 111 |
| 6 | බංග්ලාදේශය | 93 |
| 7 | ශ්‍රී ලංකාව | 93 |
| 8 | පාකිස්තානය | 88 |
| 9 | බටහිර ඉන්දීය කොදෙව් | 79 |
| 10 | ඇෆ්ගනිස්තානය | 52 |
| 11 | සිම්බාබ්වේ | 46 |
| 12 | අයර්ලන්තය | 41 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.